පර්පෙච්චුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් සමගින් කෝප් කමිටු සාමාජිකයන් දුරකතනයෙන් කතා කිරීම ඉතාම සුදුසු බව සම කැබිනට් ප්‍රකාශක, ඇමති...
පර්පෙච්චුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් සමගින් කෝප් කමිටු සාමාජිකයන් දුරකතනයෙන් කතා කිරීම ඉතාම සුදුසු බව සම කැබිනට් ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
නමුත් කෝප් කමිටුවේ සභාපතිවරයා ස්වාධීනව සිටිය යුතු බවත් බැඳුම්කරය ගැන විශ්ලේෂණය කිරීමට ආර්ථික විද්‍යාව දැනගෙන සිදු කළ නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා බැඳුම්කර බිස්නස් එකේ සිටින අයට පමණක් එය විශ්ලේෂණය කළ හැකි බවත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බැදුම්කර කොමිසම ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
අර්ජුන් අලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට ඔහුගේ බිරිදට, දියණියන්ට දුරකතන ඇමතුම් සිය ගණන් ලබාගෙන තිබීම ගැන සෙවීමට වඩා කළ යුත්තේ කතා කළේ කුමන කාරණා පිළිබඳවද යන්න සොයා බැලීම බවත් ඔවුන් අතීතයේ සිට ව්‍යාපාරික හිතවතුන් බවත් ඔහු සඳහන් කළේය.
රවී කරුණායක මහතා කොමිසමට ප්‍රකාශ කළේ ඇලෝසියස් මහතා නොදන්නා බව යැයි මාධ්‍යවේදීන්ගේ ඇසූ ප්‍රශ්න හමුවේ ඇමැතිවරයා මෙසේද පැවසී ය. “ඒක වැරැද්දක් ඇති. ඒක ඔබතුමා ගිහින් රවී කරුණායකගෙන් අහන්නකො. මගෙන් මොකටද අහන්නේ. මං එයගේ තෝල්කයාද“
නාමල් රාජපක්‍ෂලගේ මුදල් ඩුබායි බැංකුවේ දැම්මේ එකල එම බැංකුවේ මැනේජර් ලෙස සිටි අර්ජුන් මහේන්ද්‍රන් යැයිද ඇමැතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇමැතිවරයා දැඩි අවේගශීලීව අදහස් පල කළේය.
එම වීඩියෝව පහතින්,
COMMENTS