පසුගිය ඔක්තෝබර් 22 වනදා අරියාල, මනියන්තෝට්ටම් මාර්ගයේ ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමෙන් මියගියේ අරියාල, උදයපුරම් හි පදිංචි 27 හැවිරිදි...
පසුගිය ඔක්තෝබර් 22 වනදා අරියාල, මනියන්තෝට්ටම් මාර්ගයේ ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමෙන් මියගියේ අරියාල, උදයපුරම් හි පදිංචි 27 හැවිරිදි දොන් බොස්කෝ නම් තරුණයෙකි. එම වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් වෙඩි තැබීම පිළිබඳව පොලීසියට චෝදනා කරමින් පොලීසිය වෙත විරෝධය පළකර තිබිණි.
කෙසේවෙතත් සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි හමුවන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානය අසල නිවසක සීසීටීවී කැමරා දර්ශන පිරික්සීමේදීය. වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ලියාපදිංචි අංක එහිදී ඔවුන්ට හමුවන අතර ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමේදී අදාල යතුරුපැදිය, ත්‍රීරෝද රථය සහ වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය යාපනය පන්නෙයි මාර්ගයේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙන් හමුවී තිබිණි.
ඒ අනුව අත් අඩංගුවට ගැනුණු සැකකරුවන් අද යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියේදී ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
- රංජිත් නිශාන්ත
සබැඳි පුවත් -
යාපනය තරුණයා ඝාතනයට පැමිණි යතුරුපැදිය හා ත්‍රීරෝද රිය STF කඳවුරෙන් හමුවෙයි !
COMMENTS