ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය. එහි අනෙක...
ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය.
එහි අනෙක් සාක්කිකරුවන්ට අද නොතීසිද නිකුත් කෙරිණි.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඇප මත නිදහස් කර තිබිණි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අවසරය ලබාගෙන මාස දෙකක කාලයක් සඳහා විදෙස් ගත වූ සැකකරු නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
සැකකරු ඇමරිකාවේදී ප්‍රතිකර ලබාගෙන වෙනත් රටකට පැන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
COMMENTS