දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදුදහමට හිමි ප්‍රමුඛතාවය කිසිසේත් වෙනස් වෙන්නේ නෑ - මනෝ ගනේෂන්
Homeප්‍රවෘත්ති

බුදුදහමට හිමි ප්‍රමුඛතාවය කිසිසේත් වෙනස් වෙන්නේ නෑ - මනෝ ගනේෂන්

PropellerAds

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී මෙරට සියලු ජන කොටස් සදහා සාධාරණය ඉටුවීමට නම් මේ අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම උචිත නැතැයි ද...

ප්‍රසන්න රණතුංග තර්ජනය කරන හඬපටයක් උසාවියට
මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයට රජයේ අනුමැතියක් නොමැති බවට හෙළිවෙයි
FCIDය දයාසිරිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි
බුදුදහමට හිමි ප්‍රමුඛතාවය කිසිසේත් වෙනස් වෙන්නේ නෑ - මනෝ ගනේෂන්
සිංහල, දෙමළ, මුස්ලිම් ආදී මෙරට සියලු ජන කොටස් සදහා සාධාරණය ඉටුවීමට නම් මේ අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම උචිත නැතැයි දෙමළ ප්‍රගතිශ්‍රීලී සන්ධානයේ නායක, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා හමුවේ නායක හිමිපාණන් වහන්සේ ඉකුත්දා (11) මේ බව පැවසූහ.
 
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව දැනුවත් කිරීම සදහා සර්ව ආගමික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 12 වන දින කොළඹදී පැවැත්වෙන සමුළුව සදහා ආරාධනා කිරීම නිමිත්තෙන් අමාත්‍යවරයා මහා නායක හිමියන් බැහැ දුටුවේය.
 
පාලන බලය හිමි ප්‍රධාන පක්ෂය ද විපක්ෂය ද  මේ වන විට මත දෙකක සිටින බවත් සෙසු පක්ෂ ද එක් මතයක නොසිටින  බව අමාත්‍යවරයා හමුවේ කී උන්වහන්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අවස්ථාවේ සම්මත නොකළ යුතු බව සිය නිකාය ද නිවේදනය කොට ඇතැයි ප්‍රකාශ කළේය.
 
සර්ව ආගමික සාධාරණත්වයක් ඇති කිරීමේ දී බුදු දහමට ඇති ප්‍රමුඛතාවට යම් හෝ හානියක් නොවිය යුතු යැයි පෙන්වා දුන් උන්වහන්සේ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් බව  ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ සිට මහින්ද රාජපක්ෂ පාලන යුගය දක්වා කාලය තුළ දී බුදු දහමට ප්‍රමුඛ ස්ථානයක් හිමිවී තිබුණු බව කීවේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නේ නම් රටේ සියලු ජනතාවට සාධාරණ විය යුතු යැයි කී උන්වහන්සේ, ආගමික වශයෙන් පමණක් නොව ජාතික, ශ්‍රාස්ත්‍රීය, සංස්කෘතික ආදී විවිධ ඉසව් ඔස්සේ ජනතාවට සාධාරණය ඉටු විය යුතු යැයි පෙන්වා දුන්නේය.
 
සිංහල හා දෙමළ ජාතීන් අතර කිසිදු භේදයක් නොමැති බව කී නායක හිමියන් බුදුන් වහන්සේගේ කාලයේදී පවා දමිළ භික්ෂුන් වහන්සේ සිටි බව අපදාන පාලියෙහි සදහන්ව ඇතැයි කීවේය. නමුත් පසු කාලිනව මෙරට ඇතැම් පාලකයන්ගේ ක්‍රියාවන් නිසා ජාතීන් අතර ගැටුම් මතුවුණු බවත් ඔවුන්ගේ ආත්මාර්ථකාමී පිළිවෙත් නිසා ජනතාව පීඩාවට පත්වූ බව කී උන්වහන්සේ අමාත්‍යවරයා හමුවේ මෙසේ ද කීහ.
 
'ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැය පිළිබදව විවිධාකාර අදහස් පළ වෙනවා. මෙවර අය වැයේදී භික්ෂු අධ්‍යාපනය හා පිරිවෙන් පිළිබදව කිසිදු සදහනක් තිබුණේ නැහැ. පිරිවෙන් සදහා ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදනයන් ලැබිලා නැහැ. දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන් පවත්වනුයේ දැඩි අසීරුවෙන්. නායක හිමිවරු ඇතැම් විට ණය වී එම මුදල්වලින් පිරිවෙන් පවත්වා ගෙන යනවා. මම දන්න අයුරින් මේ දක්වා කිසිදු පිරිවෙනකට මුදල් ලැබිලා නැහැ. අපේ පිරිවෙනට මුදල් ප්‍රමාද වුවත් ගැටලුවක් නැහැ. නමුත්  පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට නම් අය වැය මගින් නිසි අවධානය යොමු කළ යුතුයි'
 
නායක හිමියන් හමුවේ කරුණු පැහැදිලි කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, බුද්ධ ධර්මයට හිමි ස්ථානය කිසිසේත්ම අහිමි නොකරන  බව ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා ඒ බව සපථ කොට ඇතැයි කීවේය.
 
කොළඹදී පැවැත්වෙන සර්ව ආගමික සමුලුවේදී ඒ පිළිබදව වැඩිදුර පැහැදිලි කිරීමක් කරන බවත් පැවැති අනවබෝධය නිසා ඇතමුන් දැඩි සැකයකින් පසුවන බව කී මනෝ ගනේෂන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
 
'ඒ නිසාම දේශපාලනික වශයෙන් විවිධ අර්ථකථන සිදුවෙනවා. බුදුදහමට හිමි ස්ථානයට කිසිදු බාධාවක් එන්නේ නැහැ. ඒ බව ඉතාමත්ම පැහැදිලියි. සිංහල හා දෙමළ ජනතාව අතර ගැටුමක් නොතිබුණත් ඉකුත් පාලන යුගවලදී දේශපාලඥයන් ගනු ලැබූ නිවරැදි නොවන තීන්දු නිසා ජාතිවාදී අර්බුද නිර්මාණය වුණා. නමුත් දැන් එවැනි තත්ත්වයක් නැහැ. සියලු ජනතාවට සාධාරණව බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවස්ථාව තිබෙනවා.'
 
නුවර නදීක දයා බණ්ඩාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදුදහමට හිමි ප්‍රමුඛතාවය කිසිසේත් වෙනස් වෙන්නේ නෑ - මනෝ ගනේෂන්
බුදුදහමට හිමි ප්‍රමුඛතාවය කිසිසේත් වෙනස් වෙන්නේ නෑ - මනෝ ගනේෂන්
http://ift.tt/2iPxnoA
https://i.ytimg.com/vi/kwcuiG45HbY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_890.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_890.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy