දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් මගඩියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්.
Homeප්‍රවෘත්ති

තෙල් මගඩියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්.

PropellerAds

මතුව ඇති තෙල් අර්බුදය පිටුපස පවතින ටෙන්ඩර් මගඩියක් පිළිබඳ තමා අද (7දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ න...

නොරොච්චෝලේ ගැන විශේෂ පරීක්ෂණයක්
මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ
නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද විශේෂ හමුවක

මතුව ඇති තෙල් අර්බුදය පිටුපස පවතින ටෙන්ඩර් මගඩියක් පිළිබඳ තමා අද (7දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා පැවැසුවේ මෙම තෙල් අර්බුදයට පසුගිය කාලසීමාව තුළ සිදුවූ ටෙන්ඩර්වල අක්‍රමිකතා මෙන්ම ගබඩා පහසුකම්, පිරිපහදු කටයුතු නවීකරණය කිරීමට අසමත්වීම ආදී කරුණු ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.

මෙම ගැටලුවට රජය වගකිවයුතු බවද දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ අනුව අද (7දා) දිනයේ ඉහත කරුණු පිළිබඳව තමා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවත් පවතින තත්ත්වයට වහාම විසඳුම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

බාල තෙල් නැව බාර ගන්න කියලා දේශපාලන බලපෑම් ආවා

මේ අතර ඉන්දීය ඔයිල් සමාගම ආනයනය කළ ප්‍රමිති පරීක්ෂාවෙන් අසමත් වූ ඉන්ධන නෞකාව රට තුළට ගන්නැයි තමාට විශාල ලෙස දේශපාලන බලපෑමක් පැමිණි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (6දා) පැවැසීය.

පෙට්රල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

අමාත්‍යවරයා හැටියට නොවේ මේ රටේ පුරවැසියෙක් විදිහට මම මේ ටික පවසන්න ඕනේ. මෙම බලපෑම සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් දැනුවත් කළාම ඔවුන් කිව්වේ හරි දේ කරන්න කියලා. යැයිද අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

මෙම බලපෑමට පෙට්රල් නෞකාව ඇතුළට රැගෙන අනෙකුත් පෙට්රල් සමඟ මිශ්‍ර කර ගැසුවේ නම් මේ රටේ මීට වැඩි අර්බුදයක් ඇති වන බවද අමාත්‍යවරයා කීවේය. පසුගිය කාලයේද බාල තෙල් රට තුළට ගැනීමෙන් ඇතිවූ විපාක හේතුවෙන් නැවත එවැනි දෙයක් සිදු වීමට ඉඩ හැරීමට තමාට එකඟ වීමට නොහැකි බවද අර්ජුන රණතුංග මහතා පැවැසීය.

සිදුවුණු මෙම අර්බුදකාරී තත්ත්වයේ වගකීම තමා භාර ගන්නා බවත් ඒ පිළිබඳව තමා කනගාටුවට පත් වන බවත් මහජනයාට සිදුවූ අපහසුතාව ගැන තමා සමාව අයදින බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එසේම ඇතැම් පිරිස් කෙටි පණිවුඩ හරහා මෙම තත්ත්වය අර්බුදයක් දක්වා වර්ධනය කළ බවද හෙතෙම පැවැසීය.

එම කෙටි පණිවුඩත් සමඟ ඉන්ධන හල්වල දිගු වාහන පෝලිම් සෑදුණු බවත් එම නිසා ඉන්ධන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලබන 8දා රාත්‍රිය වන විට ඇණවුම් කළ පෙට්රල් නෞකාව මෙරටට ළඟා වීමට නියමිත බවද එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 32,500ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 7500ක් තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

ලබන 9දා පස්වරුව වන විට පෙට්රල් බෙදා හැරීම සාමාන්‍ය අතට පත් කළ හැකි බවද ඔහු කීය.

ඊයේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්රල් මෙට්රික් ටොන් 10,000ක සංචිතයක් ගබඩා කර තිබුණු බවද හෙතෙම පැවැසීය.

ඩීසල් හිඟයක් නැති බවත් ඇතැම් ඉන්ධන හල් හිමියන් විසින් ඩීසල් බෙදීමද නතර කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.


ඉදිරියේදී මෙම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් මගඩියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්.
තෙල් මගඩියක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්.
http://ift.tt/2ApbWmk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_732.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_732.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy