දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරත් විජේසූරියට ඇවන්ගාර්ඩ් අභියෝග කරයි.
Homeප්‍රවෘත්ති

සරත් විජේසූරියට ඇවන්ගාර්ඩ් අභියෝග කරයි.

PropellerAds

මහාචාර්ය සරත් වීරසූරිය මහතා පසුගිය නොවැම්බර් 08 වැනිදා අපේ ගමේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණසමුරුවේදී ඇවන්ගාර්ඩ් සමා...

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අගමැති රනිල් විදෙස් මාධ්‍යට කියයි
'බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ' - ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්
කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයක් වටලයි

මහාචාර්ය සරත් වීරසූරිය මහතා පසුගිය නොවැම්බර් 08 වැනිදා අපේ ගමේ පැවැති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණසමුරුවේදී ඇවන්ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය අභියෝගයක් කර තිබේ.

අදාළ අභියෝගය, සේව් ඇවන්ගාර්ඩ් ෆේස්බුක් පිටුව ඔස්සේ පලකර තිබේ.

එහිදී, අදාළ ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මහාචාර්සය රත් විජේසූරිය වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇති බවයි,

ඒ තම සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඒකපාර්ශවීය කරුණු පදනම් නොකරගෙන තම පාර්ශවයේද කරුණු විමසා බලන ලෙසයි.

ඒ අවස්ථාවේ වීජේසූරිය මහතා නිශ්ශංක මහතා හමුව ඇවන්ගාර්ඩ් පාර්ශවයේ කරුණු විමසීමට එකඟව එය ඉටු නොකර මෙසේ තම සමාගම විවේචනය කර ඇති බවයි.

සරත් වීජේසූරිය හා නිශ්ශංක මහතා අතර සංවාදයේ හඬ පටය හා සේව් ඇවන්ගාර්ඩ් ෆේස්බුක් පිටුව ඔස්සේ ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය පලකර ඇති අභියෝගය පහත දැක්වේ.


සරත් විජේසූරිය (මහාචාරී) වෙත කරන අභියෝගයි....

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.

2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක.


ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත ලින්ක් එක click කිරීම මගින් අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).


අදාල දුරකථන සංවාදයේදී සරත් විජේසූරිය (මහාචාරී) අප ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව එතුමාගේ මිතුරන් මාර්ගයෙන් දැනුවත් බවත් සෑම කතාවකම දෙපැත්තක් ඇතිබවට තමාද පිළිගන්නා නිසා ඔහුගේ දිනපොත පරීක්ෂා කර නිශ්ශංක සේනාධිපති මහතා සමග සාකච්චා කිරීමට වෙලාවක් ලබා දීමට පොරොන්දු වූ නමුත්(මේ සමග ඇති හඬ පටයේ 3.10 මිනිත්තුවේදී), අද වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරු අප සමග කිසිඳු සාකච්චාවකට ඔහු නොපැමිණියේ ඔහුගේ දිනපොත බැලීමට වෙලාවක් නොමැති වූ නිසාද නොඑසේනම් අපගේ සභාපති තුමා හමුවීමට තරම් කොන්දක් නොමැති වූ නිසාදැයි නොවැටහේ.


නමුත් විල්පත්තු කැලය කපන්නේ යයි මේ රටේ මතයක් ගොඩ නැගෙන විට මෙම ඩොලර් කාක්කන් විල්පත්තුව වෙත ස්වේච්චාවෙන් ගොස් කැලය මැන බලා අදාල ප්‍රදේශ වල ජනතාව හමු වී කරුණු හදාරා එසේ වන සංහාරයක් නොවන්නේයැයි තහවුරු කරමින් මාද්‍ය සාකච්චා පැවැත්වුහ.


මෙසේ විල්පත්තු කැලය කපන්නේය යන චෝදනා ලැබුවන් එම චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කල මෙම නඩය ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද කිසිදු විමසීමක් අප සමග මේ වනතුරු සිදු නොකර මාද්‍ය ඉදිරියේ අප වංචා කරුවන් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටී. මොවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත අප රණ විරුවන් වූ නිසාදැයි හෝ අප විසින් මොවුන් සඳහා කප්පම් ලෙස ඩොලර් ලබානොදෙන නිසාදැයි සැක මතුව ඇත.


අප ආයතනය තුල සේවයකළ රණවිරුවනි, ඔබ වැනි රණවිරුවන් 6000 අසන්න ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමට මුල්වූ දුෂ්ට කුහක නඩයේ ප්‍රධානියෙකු, මෙම සරත් විජේසූරිය (මහාචාරී) බවද අවධාරණය කරමු.


ඇවන්ගාඩ් ආයතනය නීති විරෝධී ආයතනයක් බවට රජයේ සමහරක් මාත්‍යවරුන් සහ ඩොලර් කාක්කන් විසින් පුන පුනා ප්‍රකාශ කළද අප ආයතනය නීත්‍යානුකුල ආයතනයක් බවට මෙම රජය මගින් ලබාදී ඇති පහත ලිපි ලේඛනවලින් ඔබට මනාව තහවුරු කරගත හැකි බව අප විශ්වාස කරමි


ඇමුණුම 1

නයිජීරියානු රජය සමඟ රුපියල් බිලියන 154 (මිලියන 15400) පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් ගත වීමට ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නම් කොට මෙම රජයේ රාජ්‍ය ආරක්ෂක අමාතංශය විසින් නිශ්ශංක සේනාධිපති මහතා ලබාදී ඇති ලිපිය ඔබලාගේ දැනගැනීම සඳහා මෙය සමග ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම නිශ්ශංක සේනාධිපති මහතා නජීරියානු නාවික හමුදාව සමග සාර්ථකව අත්සන් කරන ලදී නමුත් අමන මාත්‍යවරුන් ගේ මැදිහත් වීම මත මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කල අතර අමගින් අතිමහත් විදේශ විනිමයක් අපරටට අහිමි කළහ.

ඇමුණුම 2

මෙම රජය පත්වූ පසු ද ශ්‍රී ලංකා රජයට අයත් අවි ආයුධ ගබඩා කරනුයේ ඇවන්ගාඩ් ආයතනය විසින් රතු මුහුද අශ්‍රිතව සහ ඕමාන් මුහුද ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන පාවෙන අවි ගබඩා තුළයි, මේ වන විටද ශ්‍රී ලංකා රජයට අයත් අවි ආයුධ 500 අසන්න ප්‍රමාණයක් අප ආයතනය මගින් පවත්වා ගෙනයනු ලබන පාවෙන අවි ගබඩා තුල ගබඩා කර ඇත. මීට සති කිහිපයකට පෙර ඒ බව සනාථ කරමින් මෙම රජය විසින් ලබාදී ඇති ලිපි ඔබගේ දැනගැනීම සඳහා මේ සමග ඉදිරිපත් කරමි. අප නීති විරෝධී ආයතනයක් නම් මෙම රජය තව දුරටත් අපගේ සේවාවන් ලබා ගනු ලබනුයේ කුමන ආරමුනකින් යුතුව දැයි සොයා බැලීම මහාචාර්ය තුමා සතු වගකීමක් නොවන්නේද?

අප ආයතනය මෙම ව්‍යාපාරය සිදුකරන සමයේදී අපගේ ආදායමෙන් (ලාභයෙන් නොව) 45% ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් අතර වසර 2 ක කාලයකට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 4.2කි (මිලියන 4200කි). මෙම පාවෙන අවිගබඩා ව්‍යාපෘතිය ඇතුළුව අප ආයතනය සිදුකල අනෙකුත් ව්‍යාපෘති වලින් වසරකට ශ්‍රී ලංකාවට‍ රැගෙන ආ මුදල රුපියල් බිලියන 5.5කි. නමුත් මෙම ව්‍යාපාරය ඇවන්ගාඩ් ආයතනයට පැවරීමට පෙර එනම් නාවික හමුදාව සිදුකරමින් සිටි සමයේ ඔවුන් වසර 3 කාලයක් තුල උපයාගනු ලැබුසම්පුර්ණ රුපියල් බිලියන 1.8 කි(මිලියන 1800කි). මෙය සනාථ කරමින් නාවික හමුදාපති විසින් නිකුත් කර ඇති ලිපියක් අප සතුව ඇත. මෙම ව්‍යාපාරය මෙම රජය විසින් නාවික හමුදාවට පැවරීමෙන් පසුව ඔවුන් විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 1 කටත් අඩු ප්‍රමාණයකි(මෙය ලාභය නොව අදායම පමණි). මෙමගින්ද අප රටට ලැබිය යුතුව තිබු මහා දනස් කන්දයක් අහිමි කල අතර රණවිරුවන් 6000 ක පවුල්ද මහමගට ඇද දමා ඇතිබවද මහාචාර්ය තුමා සහ එම නඩයේ අනුගාමිකයින් අවභෝද කරගත යුතුව අට.


මෙම සියලූ කරුණු මඟින් පැහැදිලි වන සත්‍ය වනුයේ අප ආයතනය කොපමණ නීත්‍යානුකූල ආයතනයක් වූව ද සමහරක්ගේ උවමනාවට අප ආයතනය නීති විරෝධී ආයතනයක් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටීමයි.


හැකිනම් ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද ඕනෑම රුපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සරත් විජේසූරිය (මහාචාරී) වෙත අභියෝග කරන අතර එම විවාදයේදී අප ආයතනය වංචාවක් සිදුකර ඇති බවට‍ ඔවුන් විසින් ඔප්පුකළහොත් අපගේ සභාපති තුමා ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් අතර, එසේ ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි උවහොත් සරත් විජේසූරිය (මහාචාරී) විසින් අටවාගෙන ඇති සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයේ දරන සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී අප ආයතනයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවත් අප ආයතනය මින් අභියෝග කර සිටින්නෙමු.


මීට

ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරත් විජේසූරියට ඇවන්ගාර්ඩ් අභියෝග කරයි.
සරත් විජේසූරියට ඇවන්ගාර්ඩ් අභියෝග කරයි.
http://ift.tt/2ACFSeS
https://i.ytimg.com/vi/4bibNNI5g9g/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_668.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_668.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy