දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේතුවක් නැතිව ජනාධිපතිට 'මඩ' ගැසීමේ නිදහස ලැබිලා - අගමැති.
Homeගොසිප්

හේතුවක් නැතිව ජනාධිපතිට 'මඩ' ගැසීමේ නිදහස ලැබිලා - අගමැති.

PropellerAds

හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙන බවත්, නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට නම් එම නිදහස තවම...

වරාය සේවක වර්ජනය අවසන් ඒත් නැව ඉල්ලන ඩොලර් ලක්ෂ 4 පාඩුව කවුද ගෙවන්නේ.. - අගමැති අසයි
සරත් කුමාර ගුණරත්නට වරෙන්තු
මෛත්‍රි මැලේසියාවේ සිටින හෝටලය ඉදිරිපිට විරෝධතාවක්

හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙන බවත්, නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට නම් එම නිදහස තවමත් හරි හැටි අවබෝධවී නොමැති බවත් අගමැතිවරයා පවසයි.

කොළොන්නාව, මංගල පාය ශාලාවේදී ඊයේ (26) පැවැති එක්සත් ජාතික පක්‍ෂ කොළොන්නාව බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසිය.

''ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමට නම් ගමේ බලයත් එක්සත් ජාතික පක්‍ෂයට ලබාදිය යුතු බව මම පළමුවෙන් කියන්න කැමැතියි".

 2015 ජනවාරි 08 වනදා රාජපක්‍ෂ රෙජිමයේ පාලනය අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය වුණු අතර, රටේ පුරවැසියාට පවතින ආණ්ඩුව විවේචනය කරමින් ජීවත්වීමේ නිදහසද හිමි වුණා.

මේ රට පාලනය කරන්නේ කවුද?

අතීතයේදී මානව හිමිකම් නොමැති රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කොන් කර තිබුණා. ජනතාව තලා පෙලා පාගා දැමූ රටක් ලෙසයි එදා ශ්‍රී ලංකාව හැදින් වූයේ. වෛරයෙන්, ආගම් භේදයෙන්, ජාති භේදයෙන් මේ රටේ දේශපාලනය පිරී තිබුණා.

වංචනික දේශපාලනඥයන්ට මුදල් හම්බකර ගැනීමේ උවමනාව වෙනුවෙන් රටේ සම්පත් විකුණා දැමුවා. රාජපක්‍ෂ රෙජිමය රටේ අනාගතය විනාශ කළා.

එවිට රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන අභිමානය කුමක්ද? ජාත්‍යන්තරයේ බොහෝදෙනා එදා නැඟූ ප්‍රශ්නය වූයේ "මේ රට පාලනය කරන්නේ කවුද?" යන්නයි. ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය විනාශ කරමින් මේ රට තුළ රාජපක්‍ෂ අභිමානය නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කළා.

නමුත් 2015 ජනවාරි 08 වනදා අප සියල්ලන්ගේ එකතුවෙන් යහපාලනය ජයග්‍රහණය කරවමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට අපට හැකි වුණා.

එම වසරේම අගෝස්තු මාසයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් සියලුම දෙනා එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් තුළ අප රට සංවර්ධනය කර තිබෙනවා.

සියලූ ණය ජනතාව පිට :

අප භාරගත්තේ ණය බර වැඩි වූ රටක්. රටට ආදායමක් තිබුණේ නැහැ. පැවැති පාලනය අවධානය යොමු කර තිබුණේ ණය ලබාගැනීම සඳහා පමණයි. ණය පියවීමට ක්‍රමයක් තිබුණේ නැහැ.

අවසානයේ සියලූ ණය ජනතාව පිට පැටවුණා. ඔවුන් අනුගමනය කළ පිළිවෙත තුළ රට ඉදිරියට ගෙන ගියා නම් මේ අතිවිශාල ණය කන්ද ගෙවා දැමීම, ඉදිරි වසර 50- 60 ක් පුරා තවත් පරම්පරා ගණනාවක භාර වෙනවා. 

එම නිසා මේ ණය බර පිළිබඳ අභියෝගය භාර ගනිමින් ඉන් රට මුදවා ගැනීමට අප තීරණය කළා. 2020 වර්ෂය වන විට මූලික ණය ප්‍රමාණය ගෙවා අවසන් කරමින් 2025 වර්ෂය වන විට සම්පූර්ණයෙන රටේ ණය බර පියවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ අරමුණයි.

රට ණය කන්දක සිරවී සිටියත්, රටට අවශ්‍ය අනෙක් සංවර්ධන කටයුතු අප අමතක කළේ නැහැ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අප වෙන්කරන මුදල් ප්‍රමාණය කිසිලෙසකින්වත් අඩු නොකිරීමට වග බලාගත්තා.

හෙළයන් ණයකාරයන් බවට:

නමුත් එළඹෙන වසර දෙක තුළ ශ්‍රී ලංකාවට රුපියල් කෝටි ලක්‍ෂ 3 ක ණයක් ගෙවීමට ඇති බව මුදල් ඇමැතිතුමා ඔබට පවසාවී. මේවා රාජපක්‍ෂ පාලනය විසින් ලබාගත් ණය බරයි. හෙළයන් ණයකාරයන් බවට පත් කළේ රාජපක්‍ෂ රෙජිමයයි.

මේ ණය බර ඔබේ හිස මතට පටවමින් ජනතාවගේ පසුම්බිය හිස් කළේ රාජපක්‍ෂ රෙජිමයයි. නමුත් අපේ අරමුණ වන්නේ මෙම රුපියල් කෝටි ලක්‍ෂ 3 ක ණය මුදල ගෙවා දැමීමයි.

ශ්‍රී ලංකාව අභිමානවත් ජාතියක් නම් ලබාගත් ණය පියවීමේ ශක්තිය ද තිබිය යුතුයි. එවැනි ශක්තියකින් යුතු හෙළයන් පිරිසක් නිර්මාණය කිරීම අපේ කාර්යවී තිබෙනවා. රාජපක්‍ෂ හෙළුවෙන් තැබූ ශ්‍රී ලංකාවේ හෙළයන්ට නැවතත් අභිමානයක් ගෙන දීමට අප කටයුතු කරනවා.

මාධ්‍යවේදීන් මරා දමන්නේ නැහැ:

අද ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව මිනීමරුවන් සේ සැලකෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදීන් මරා දමන්නේ නැහැ.

මේ සියලූ දූෂණ, අපරාධ නතර කිරීමට අපට හැකියාව ලැබී තිබෙන නිසා ජාත්‍යන්තරය තුළ අපට විශාල පිළිගැනීමක් හිමිවී තිබෙනවා. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර තිබෙනවා.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් අනෙක් සියලුම ආගම් වලට සමානව සලකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් ජීවත්විය හැකි පරිසරයක් අප නිර්මාණය කර තිබෙනවා. රටේ මෙවැනි මූලික ගැටළුවලට අප විසඳුම් ලබාදී තිබෙනවා. ''

එජාප ආණ්ඩුවක් හදන්න මරික්කාර්ගෙන් යෝජනාවක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා එක්ව පළාත් පාලන මැතිවරණයේදී තරඟකරන්නේ නම් මධ්‍යම ආණ්ඩුව තුළ ශ්‍රීලනිපය සමඟ එක්ව කටයුතු නොකර එජාප ආණ්ඩුවක් සැදීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (27) එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.


අදාළ, යෝජනාව එජාප මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්පොලසන් තබා ඒකමතිකව අනුමත කර ඇති බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේතුවක් නැතිව ජනාධිපතිට 'මඩ' ගැසීමේ නිදහස ලැබිලා - අගමැති.
හේතුවක් නැතිව ජනාධිපතිට 'මඩ' ගැසීමේ නිදහස ලැබිලා - අගමැති.
http://ift.tt/2ncSUNI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy