දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුව සමහරුන්ට ගැටළුවක්. මට නම් ගැටළුවක් නොවෙයි - රාජිත

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයන් අමතමිනි. මෙම අලෙවි නියෝජිත හමුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍...

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුව සමහරුන්ට ගැටළුවක්. මට නම් ගැටළුවක් නොවෙයි - රාජිත
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයන් අමතමිනි. මෙම අලෙවි නියෝජිත හමුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. 2015 වසරේ දී සංස්ථාවේ ලාභය රුපියල් මිලියන 400 සිට රුපියල් මිලියන 1230 දක්වා වැඩි කර ගැනීමට අපි සමත් වුනා. 2016 වසරේ දී එහි ලාභය වුයේ රුපියල් මිලියන 1900 ක්. ලාභයෙන් කොටසක් සේවකයින්ට ලබාදිය යුතු බවට මම යෝජනා කළා. ඒ පිළිබදව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා පවත්වනවා. නමුත් ඇතැම් කරුණු වලට මහාභාණ්ඩාගාරය එකග නැහැ. මම තවදුරටත් ඒ පිළිබදව මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීමට සුදානම්. නමුත් ඇතැම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවකයින් කළු පටි පැළැද සේවය කරන බවට මට තොරතුරු වාර්තා වුනා. ඔවුන් කළු පිටි පැළැද විරෝධතාවය පළ කල යුත්තේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටයි. එවිට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ පිළිබදව අවධානය යොමු කරයි. සංස්ථාව දියුණුවීම පිළිබදව අපි සතුටු විය යුතුයි. ඒ සදහා මුල් වී ඇත්තේ නිවැරදි කළමණාකරණයයි.”
 
“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහයෝගය ලබාදුන්නා. මෙම වැඩපිළීවෙල පිළිබදව සිය සාමාජිකයින් දැනුවත් කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමුවත් එය අවම කිරීමට මම කටයුතු කළා.”
 
මෙහිදී හොදම රාජ්‍ය ඔසුසල ලෙස අනුරාධපුර ඔසුසල සම්මාන හිමිකරගත්තේය. හොදම බලය ලත් බෙදාහරින්නා ලෙස කුරුණෑගල නිව් ෆාමසි සම්මාන හිමිකර ගත් අතර, හොදම නියෝජිත ඔසුසල ලෙස ජා-ඇල ප්‍රසන්න ෆාමසිය සම්මාන හිමිකර ගත්තේය. මෙහිදී සෞඛ්‍ය සේවාව දියුණු කිරීම වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සම්මානයක් පිරිනමන ලදි. මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිල ෆෙස්බුක් පිටුව ද ආරම්භ කිරීම ද සිදුවිය.
 
rajitha 27
rajitha 28
rajitha 29

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුව සමහරුන්ට ගැටළුවක්. මට නම් ගැටළුවක් නොවෙයි - රාජිත
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ එකතුව සමහරුන්ට ගැටළුවක්. මට නම් ගැටළුවක් නොවෙයි - රාජිත
http://ift.tt/2Bd0ytz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_418.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_418.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy