ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු 2019 ලෝකු කුසලාන තරාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.
සමරවීර බංග්ලාදේශ කණ්ඩායමේද පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස කෙටිකාලයක් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අරම්භවීමට නියමිත තරගාවලිය තිලාන්ගේ පළමු අභියෝගය වෙනු ඇත.
ටෙස්ට් තරග 81කට හා එක්දින තරග 53කට ක්‍රීඩා කර ඇති තිලාන් 2013 වසරේදී ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේය.
ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු යළි මාරුවෙයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු මේ වසර අවසානයේ නම් කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියයි.
වත්මන් ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් ඇතුළු කිහිප දෙනෙකු එම ධූරය සඳහා පත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
මෙසේ සලකා බැලෙන අය අතර නික් පෝතාස්, මහේල ජයවර්ධන, ඩීන් ජෝන්ස්, මාවන් අතපත්තු, රුමේෂ් රත්නායක, පොල් නික්සන්, ටොම් මූඩි හා ස්ටීවන් ෆෙලෙමිනග් ද සිටින බව වාර්තා වේ.
පසුගිය වසර 7 තුළ (2011 සිට) ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවන් දහ වතාවක් වෙනස්වී තිබීම විශේෂිතය.
COMMENTS