හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ඊයේ දිනයේදී ජාතික පුවත්පත් කිහිපයක සම්පුර්ණ පිටුවක ප්‍රමාණයේ දැන්වීමක් පළ වී ඇත. මෙ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ඊයේ දිනයේදී ජාතික පුවත්පත් කිහිපයක සම්පුර්ණ පිටුවක ප්‍රමාණයේ දැන්වීමක් පළ වී ඇත.
මෙම දැන්වීම පළ වන්නේ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි කටකතා පැතිරෙන පසුබිමකදීය.
එම දැන්වීම පළ කරන ලද්දේ කවුරුන්දැයි එහි සඳහන් නොවුවත් “ගෝඨා අපේ” යනුවෙන් සඳහන්ව ඇත. රාජපක්ෂ මහතා රුපියල් මිලියන 90කට අධික මුදලක් හම්බන්තොට ඉදි කළ රාජපක්ෂ ස්මාරකය සඳහා අවභාවිතය කළේ යැයි චෝදනා ලැබ ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලීසියට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් පසුව ඒ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වුණ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එය එසේ සිදු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS