ප‍්‍රමාණවත් පෙට‍්‍රල් සහ බොරතෙල් ඇති බැවින් අනවශ්‍ය පරිදි පෙට‍්‍රල් තොග රැස්කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ...
ප‍්‍රමාණවත් පෙට‍්‍රල් සහ බොරතෙල් ඇති බැවින් අනවශ්‍ය පරිදි පෙට‍්‍රල් තොග රැස්කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම අමාත්‍යාංශය පැවසුවේ අද දවස තුළ සැපයුමෙන් සියයට 80 ක් සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුග සහ බලධාරීන් අතර සාකච්ඡාවක් දහවල් පැවැවුණා. අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ දෛනික අවශ්‍යතාවට සරිලන පෙට‍්‍රල් නිකුත් කර ඇති බවයි. පාරිභෝගිකයන් වැඩි වශයෙන් පෙට‍්‍රල් ලබාගැනීම පෙට‍්‍රල් හිඟයට හේතුවී ඇති බවයි ඔහු කියාසිටියේ. පෙට‍්‍රල් හිඟය අද (04) පස්වරුව වනවිට මහගැරෙනු ඇති බවද උපාලි මාරසිංහ වැඩිදුරටත් කියාසිටියා.
COMMENTS