"අද පොලීසියත් තමන්ට තීන්දු තීරණ ගන්න පුළුවන් ඒවාටත් ඇඟ බේරගන්න ඕන නිසා නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. ළමා අපචාර, කාන්තා හිංසන නඩු ලොක...
"අද පොලීසියත් තමන්ට තීන්දු තීරණ ගන්න පුළුවන් ඒවාටත් ඇඟ බේරගන්න ඕන නිසා නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. ළමා අපචාර, කාන්තා හිංසන නඩු ලොකු ප්‍රමාණයක් තිබෙනවා.මේවා ක්‍රමානුකූලව විසඳිය යුතුයි.එක රැයකින් විසඳුම් දෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
විශේෂයෙන් නඩු ප්‍රමාදය පිළිබඳ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා.ඒ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තිබෙනවා" යැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.
එසේම ඉදිරි මාස දෙක තුන ඇතුළත කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයේ බලාපොරොත්තු නොවූ සාධනීය වෙනසක් අධිකරණ පද්ධතියේ සිදු කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කරන්නීය.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවත්,නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ දායකත්වයද වැදගත් බවත් ඇය සඳහන් කළාය.
මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව තුළ විශාල නඩු සංඛ්‍යාවක් අති බවද ඇය හෙළිකළේ රත්නපුර දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි.
COMMENTS