පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොව...
පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසී ය.
අභියාචානාධිකරණය විසින් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ බවත් ඒම ගැසට් පත්‍රයේ වාරනයට බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට බවත් හෙතෙම සදහන් කළේය.
ඒ අනුව පළාක් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් එහෙත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුදුණ දෝෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සියළුම කරුණු සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන 93 ක් සඳහා මැතිවරණය පැවැත්විමේ කිසිඳු බාධාවක් නොමැති නිසා නොවැම්බර් මස 27 වන දා සිට නාම යෝජනා බාර ගැනීම සඳහා තේරීම්බාර නිලධාරීන්ට දන්වා ඇති බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසී ය.
ඊයේ (25) මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS