පවතින වියලි කාලගුණය හේතුවෙන් කුඹුරු අක්කර 450,000 කට අධික ප්‍රමාණයක් වගා කිරීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. එහි ජා...
පවතින වියලි කාලගුණය හේතුවෙන් කුඹුරු අක්කර 450,000 කට අධික ප්‍රමාණයක් වගා කිරීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
එහි ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ගොවින්ට සාධාරණයක් ඉටු කිරීමට රජය මැදිහත් වීය යුතු බවයි.
මේ අතර කණ්ඩලම වැවෙන් ලබා ගන්නා ජලය උපයෝගී කර ගනිමින් වගා කෙරෙන කුඹුරුවලින් සියයට 50ක කොටසක් වගා කරන ලෙස මහවැලි අධිකාරිය ගොවි සංවිධාන වෙත දැනුම් දී තිබේ.
කණ්ඩලම වැව යටතේ වී වගාව සඳහා දියවර නිකුත් නොකරන නිසා ගොවි නියෝජිතයින් පිරිසක් ඊයේ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න හමු විය.
එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට දැනුම්දී ඇත්තේ කණ්ඩලම වැවෙන් වගා කෙරෙන කුඹුරු සියයට 50ක් සඳහා අවශ්‍ය ජලය ලබන 20 වනදා සිට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.
COMMENTS