විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයන් හා ...
විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයන් හා වෛද්‍යවරුන් පමණක් යැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික පඩිය රුපියල් 250,000කට වැඩි අතර ඔවුන්ට මසකට රුපියල් 10,000ක පමණ මුදලක් උපයන විට ගෙවන බදු ලෙස ගෙවීමට පවා සිදුවන බවද ඔහු කීය.
සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් ලබන දුම්රිය සේවකයන්ට තවත් වැටුප් වැඩි කිරීමෙන් රාජ්‍ය සේවයේ අංශය ගණනාවක වැටුප් විෂමතා මතුවන බව හෙතෙම සඳහන් කළේ ය.
දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට අයත් නිලධාරීන් ගේ මාසික ආරම්භක මූලික වැටුප රුපියල් 44,600ක් වන අතර ඔවුන් එය රුපියල් 56,205 දක්වා වැඩිකිරීමට කරන ඉල්ලීම අසාධාරණ බව ද ඔහු සඳහන් කළේය.
ඉංජිනේරු, ගණකාධිකාරී, ක්‍රමසම්පාදන, වාස්තු විද්‍යාඥ, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු, කාර්මික සහකාර, පොලිස් අධිකාරි ආදී වෘත්තීය සේවාවන්ට අයත් නිලධාරීන්ගේ මෙන්ම පරිපාලන නිලධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවාවන් ඇතුළු දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරීන් මෙන්ම දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගේද මූලික වැටුපට වඩා වැඩි වැටුපක් ලැබෙන බව ද ඔහු කීය.
COMMENTS