උඩුවේ ධම්මාලෝක හිමියන් මස්කට් බලා පිටත්ව යෑම සදහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන ස...
උඩුවේ ධම්මාලෝක හිමියන් මස්කට් බලා පිටත්ව යෑම සදහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී, එම යානයෙන් බස්සවා ආපසු පිටත් කර යවා තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.
උඩුවේ ධම්මාලෝක හිමියන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, සියලු පරීක්ෂණ නිමවා උදෑසන 9.40 ට මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 376 දරන ගුවන් යානයට වැඩමවා අසුන් ගෙන සිටියේය.
එහෙත් ආගමන - විගමන පාලක නිහාල් රණසිංහ මහතාගේ නියෝගයක් මත, උඩුවේ හිමියන් ගුවන් යානයෙන් බස්සවා ආපසු යවා තිබේ.
උඩුවේ හිමියන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බවත් එය මෙම අගෝස්තු මස 26 වනදා සිට ඔක්තෝබර් මස 12 වනදා දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS