දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කෙනඩි ඝාතනයේ රහස් ලේඛන නිදහස්: කස්ත්‍රෝ ඝාතන තැතක් ඇතුළු තවත් අබිරහස් කරළියට

වසර 25 ක් රඳවාගෙන සිටි මෙම ලේඛන ඇමරිකාවේ ජාතික ලේඛනාරක්ෂණාගාරය මගින් මුදා හරිනු ලැබුවේ මෙවන් කැළඹීමක් බලාපොරොත්තුවෙන් නොවන්නට ද පුළුවන. ම...

කෙනඩි ඝාතනයේ රහස් ලේඛන නිදහස්: කස්ත්‍රෝ ඝාතන තැතක් ඇතුළු තවත් අබිරහස් කරළියට

වසර 25 ක් රඳවාගෙන සිටි මෙම ලේඛන ඇමරිකාවේ ජාතික ලේඛනාරක්ෂණාගාරය මගින් මුදා හරිනු ලැබුවේ මෙවන් කැළඹීමක් බලාපොරොත්තුවෙන් නොවන්නට ද පුළුවන. මේ අතර අලුත්ම වාර්තාවලට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සැක කෙරෙන ඇතැම් ලේඛන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් මුදාහැරීම නතර කිරීම ද සිදුව තිබේ. 

කැස්ත්‍රෝ ඝාතනයට CIA - මාෆියා කුමන්ත්‍රණය

රොකෆෙලර් කොමිසමට අයත් 1975 ලේඛනයක් මගින් ඉඟි කරන්නේ විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ඝාතනය කිරීම සඳහා ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA සංවිධානය විසින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳව ය. මෙය කෙනඩි පාලන සමයේ මුල් අවධියේ සිදුවූවකි. එම වාර්තාවට අනුව ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරයා වූ නීතිපති රොබට් කෙනඩි FBI හෙවත් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයට පවසා තිබෙන්නේ තමන් විසින් සිසිලියේ මාෆියා සාමාජිකයෙකු වන සෑම් ගියාන්කානා වෙත ළං වීම සඳහා අතරමැදියෙක් වශයෙන් සීඅයිඒ රහස් ඒජන්තයෙක් යොදවාගත් බවයි. එසේ කළේ “කියුබාවට ගොස් කැස්ත්‍රෝව මරා දැමීම සඳහා තුවක්කුකරුවෙක් කුලියට ගැනීමට ඩොලර් 150,000 ක් ගෙවීම මගින් බව”ත් ඔහු කියා තිබේ. 

“අධිකරණ දෙපාර්තමේන්තුව සමග මුලින් පරීක්ෂා කර බැලීමකින් තොරව මාෆියා සාමාජිකයන් සමග සීඅයිඒ සංවිධානය කිසිවිටෙක සම්බන්ධ නොවිය යුතු බව නීතිපති කෙනඩි සඳහන් කළේය” යැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. 

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ කස්ත්‍රෝ මරාදැමීම සඳහා වස කැවූ පෙත්තක් අපරාධකරුව්න හෝ මාෆියා සාාමාජිකයන් හරහා ඔහු වෙත යැවීම කෙරෙහි පසුකාලීනව CIA සංවිධානයේ අවධානය යොමු වූ බවයි. 

කියුබාවේ හෝතඹු මෙහෙයුම (Operation Mongoose)

මේ අතර කෙනඩි ඝාතනයට පෙර 1962 වසරට අයත් වූ වාර්තාවකින් සනාථ කරන්නේ කියුබාවේ කොමියුනිස්ට්වාදය පෙරළා දැමීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් සිදුකළ සාකච්ඡාවකි. මෙම කියුබානු කොමියුනිස්ටාදය විනාශ කිරීම සඳහා ඔවුන් කළ මෙහෙයුමට නම තබා තිබුනේ “ඔපරේෂන් මොන්ගූස්’ හෙවත් ‘හෝතඹු මෙහෙයුම’ යනුවෙනි.

මෙහිදී 1962 සැප්තැම්බර් මෙම හෝතඹු මෙහෙයුම පිළිබඳ රහස් සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එම සාකච්ඡාවේ සටහන්වල මෙසේ දැක්වෙයි. “කැනඩාවේ සිට කියුබාව දක්වා ගුවන් යානා කොටස් ගෙනයාම කඩාකප්පල් කිරීම පිළිබඳ CIA සංවිධානය ෂලකා බලමින් සිටින බව ජනරාල් මාෂල් කාටර් පැවසුවේය.”   

වියට්නාම් කුමන්ත්‍රණය ගැන සාක්ෂියක්

1975 වසරට අයත් තවත් රහස් ලේඛනයකින් දැක්වෙන්නේ රොකර්ෆෙලර් කොමිසමේ වාර්තාවකි. එය හිටපු CIA අධ්‍යක්ෂ රිචඩ් හෙල්ම්ස්ගේ සාක්ෂියක් වන අතර එහිදී ඔහු පවසන්නේ දකුණු දිග වියට්නාමයේ ජනපති එන්ගෝ ඩින් ඩියම්ගේ මරණයට ජනපති රිචඩ් නික්සන් වගකිව යුතු යැයි තමන් සිතන බවයි. සීඅයිඒ සංවිධානය සම්බන්ධ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව ජනපති ඩියම් මරණයට පත්විය. 

මෙහිදී කෙනඩි ඝාතක ඔස්වර්ල්ඩ් කිසියම් ආකාරයකින් CIA සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීද යන්න ද ඔහුගෙන් ඇසුවත්, එම ප්‍රශ්නයට පිළිතුර ලබාදෙන්නට පෙර එම ලේඛනය අවසන් වේ. 

මේ අතර 1967 වසරට අයත් FBI  කේබල් පණිවුඩයකින් දැක්වෙන්නේ තමන් ඔස්වර්ල්ඩ් ව දැන සිටි බව කියුබානු  රහස් ඔත්තුසේවා නිලධරයෙක් පවසන අන්දමයි. “අහ්.. එයා හරිම හොඳ මිනිහෙක්..” යැයි කියුබානු බුද්ධි අංශ නිලධාරියා පවසන අතර එසේ කියන්නේ මන්දැයි අනෙක් පසින් අසන විට ඔහු කියන්නේ “මම ඔහුව දැන සිටියා..” යනුවෙනි. 

කෙනඩි ඝාතකයාගෙන් රුසියානු KGB වෙත රහස් ඇමතුමක්

රුසියානු කේජීබී රහස් ඔත්තු සේවය වෙත කෙනඩි ඝාතකයා විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් පටිගත කරගන්නට සීඅයිඒ සංවිධානය සමත් වී ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ද මෙම අලුත් රහස් ලේඛනවල අන්තර්ගත ය. ඒ අවස්ථාවේදී ඔස්වර්ල්ඩ් සිට ඇත්තේ මෙක්සිකෝ සිටිවල ය. ඔහු විසින් මෙක්සිකෝවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ඇමතුම ලබාදී ‘කැඩිච්ච රුසියානු බසින්’ කතා කරන්නේ කේජීබී නිලධරයෙකු වශයෙන් හඳුනාගෙන සිටි කොන්සල්වරයා වූ වැලෙරි ව්ලැදිමිරොවිච් කොස්ටිකොව් සමග බව ද හඳුනාගෙන ඇත. 

- අමාලි ජයවීර

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙනඩි ඝාතනයේ රහස් ලේඛන නිදහස්: කස්ත්‍රෝ ඝාතන තැතක් ඇතුළු තවත් අබිරහස් කරළියට
කෙනඩි ඝාතනයේ රහස් ලේඛන නිදහස්: කස්ත්‍රෝ ඝාතන තැතක් ඇතුළු තවත් අබිරහස් කරළියට
http://ift.tt/2i8qI8M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_914.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_914.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy