දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය

PropellerAds

  සිංහලෙන් ‘ඒකීය’ යන වචනය තවදුරටත් භාවිතා කරන අතර, ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනය හා එම සංකල්පය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම. ඒ අනුව ලංකාවේ ...

සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී
president
රතන හිමි, විමල්, උදය ජනාධිපති හමුවේ..
නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය

 

සිංහලෙන් ‘ඒකීය’ යන වචනය තවදුරටත් භාවිතා කරන අතර, ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනය හා එම සංකල්පය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම. ඒ අනුව ලංකාවේ බහුතර ජනතාව මෙය ඒකීය රටක් යැයි සිතා සිටියත්, ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලංකාව තවදුරටත් ඒකීය නැතිනම් ‘යුනිටරි’ රටක් නොවනු ඇත. ජනතාව මුලා කිරීමට ගෙනවිත් ඇති මේ සටකපට යෝජනාව අපි හෙළා දකිමු.

යෝජනාවලියේ සිව්වන පිටුවේ උතුරු නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු බවට සඳහන් වී තිබීමෙන්ද, වත්මන් ව්‍යවස්ථාවේ පස්වන වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජයේ භූමිය ‘පරිපාලන දිස්ත්‍රික්ක’ 25 කින් සමන්විත වන බවට ඇති නියමය වෙනස්කොට, නිෂ්චිතව සඳහන් නොකරන පළාත් ගණකින් එය සමන්විත විය යුතු බවට කර ඇති යෝජනාවෙන්ද, මේ සැරසෙන්නේ කුමකට දැයි පැහැදිලි වේ.

මේ යෝජනාවලියේ, ‘අනුපූරකතාවය’ නැමති මූලධර්මය අනුව පළාත් මට්ටමින් කළ හැකි සියලුම දේ පළාත් වලට පැවරිය යුතු යැයි යෝජනා වී ඇත. බෙදුම්වාදීන් 1972 සිට උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටියේ මෙවැනිම සංකල්පයක් අනුව නොවේදැයි කවුරුත් කල්පනා කර බැලිය යුතුය.

පළාත්වලට මෙකී අනුපූරකතා මූලධර්මය අනුව බෙදා දෙන බලතල, සියලු පළාත්වල අවසරය නොමැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන්වත් වෙනස් කිරීමට නොහැකිවෙන ලෙසද, අතිබහුතරයක් පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවට ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමට නොහැකිවෙන ලෙසද, විධිවිධාන යෝජනා වී ඇත. එයට අමතරව, මධ්‍යම ආණ්ඩුවට යම් නායකත්ව කාර්යභාර්යක් ලබාදෙන සමඟාමී බලතල ලැයිස්තුව අහෝසි කොට එම බලතලද පළාත් සභා වලට පැවරීමටද, මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුවේද තෝරාගත් කාර්යයන් ක්‍රියාත්මක කිරීම පළාත් සභා වලට පවරා ෆෙඩරල් රාජ්‍යකට ගැලපෙන ආකාරයට මධ්‍යම ආණ්ඩුවේ කාර්යභාර්ය අඩු කිරීමටද මේ යෝජනාවලියෙන් බලාපොරොත්තු වේ.

පළාත් ආණ්ඩුකාරවරුන් සතු විධායක බලය අදාල පලාතේ අමාත්‍ය මණ්ඩලයට පවරා ආණ්ඩුකාරවරුන් සැමවිටම පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට නියම කිරීමටත්, මහ ඇමතිවරයාගේ උපදෙස් නොමැතිව ආණ්ඩුකාරවරයෙකුට යම් පාළාතක හදිසි තත්වයක් පවතින බවවත් මධ්‍යම ආණ්ඩුවට දැනුම් දීමට නොහැකි යැයි නියම කිරීමටත් මේ යෝජනාවලියේ විධිවිධාන ඇත. එපමණක්ද නොව, පලාත් සභාවක් විසින් සම්මත කරන ප්‍රඥප්තියකට අනුමැතිය දීමට හෝ එහි ව්‍යවස්ථානුකූල භාවය විමර්ශණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට හා ජනාධිපතිවරයාට දී ඇති කාලය සති දෙකකට සීමා කර එම කාලය ඉකුත් වීමත් සමඟම, නිරායාසයෙන්ම එම ප්‍රඥප්තියට අනුමැතිය ලැබී ඇත්තාසේ සැලකීම තුළින්ද මධ්‍යම ආණ්ඩුවට පළාත් ඒකක පාලනය කිරීමට ඇති බලතල බරපතල ලෙස කප්පාදු කිරීමට යෝජනා වී ඇත. දැනට ලංකාවේ ක්‍රියාත්මක බලතල බෙදීමේ ආකෘතිය ඉන්දියාවෙන් ලබාගත් එකකි. ඉන්දීය ව්‍යවස්ථාවේ 201 වගන්තියට අනුව ප්‍රාන්ත ආණ්ඩු සම්මත කරණ ඕනෑම පනතක් කිසිඳු හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්‍ෂේප කිරීමට එරටේ ජනාධිපතිවරයාට බලය ඇත. නමුත් අපේ රටේ ජනාධිපතිවරයාට එවැනි බලයක් කිසිදාක නොතිබුණි. එම නිසා පළාත් සම්බන්ධයෙන් විධායකයට තිබෙන බලතල තවත් අඩුකිරීමට මේ ඉදිරිපත් කර ඇති යෝජනාවලට අපට එකඟ විය නොහැක.

වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන හා අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු යටතේ ජනාධිපතිවරයාට හා මධ්‍යම රජයට ඉඩම් සම්බන්ධයෙන් ඇති බලතල පළාත් ඒකක වලට පැවරීමට යෝජනා වී ඇත. මේ අනුව යම් පළාතක් තුළ පිහිටි රජයේ ඉඩමක් මධ්‍යම රජයේ කටයුත්තකට ලබා දෙන මෙන් කරන ඉල්ලීමක් අදාල පළාත් සභාව ප්‍රතික්‍ෂේප කළහොත්, එම හබය මුලින්ම බේරුම්කාර මණ්ඩලයකට හා ඉන්පසු අධිකරණයට යොමු කිරීම හරුණු විට වෙන විකල්පයක් මධ්‍යම ආණ්ඩුවට නැත. ඉන්දියාවේ මධ්‍යම රජයේ කටයුත්තකට අවශ්‍ය ඉඩමක් ඔවුන්ට එම ඉඩම පිහිටි ප්‍රාන්තයේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලබාගැනීමට බලය ඇත. එම නිසා ලංකාවේ දැනට පවතින ඉඩම් සම්බන්ධ විධිවිධාන වල කිසිඳු වෙනසක් නොවිය යුතුය.

සාමාජිකයන් 55 න් 45 දෙනෙකු පළාත් සභාවල නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා වී ඇත. මේ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ 2/3 ඡන්දයක් නොමැතිව කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත නොවිය යුතු බව කියැවෙන නිසා මෙහි පරමාර්තය රටේ නීති හා ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය සීමා කර, එවැනි කාරණා සම්බන්ධයෙන් නිෂේධ බලයක් පළාත් සභාවලට ලබා දීම බව පෙනේ. ඉන්දීය ව්‍යවස්ථාවේ 249 වගන්තියට අනුව ඉන්දීය දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයේ පමණක් 2/3 බලයෙන් සම්මත වෙන යෝජනාවකින් මුලු ඉන්දියාවේම නැතිනම් එහි ප්‍රාන්තයක හෝ ප්‍රාන්ත කිහිපයක සියලු පාලන බලතල පාර්ලිමේන්තුවට පැවරීමටත්, වසරක් පාසා කරන අලුත් කීරීම් වලට යටත්ව ඕනෑම කාලයක් පවත්වාගෙන යෑමටත් බලය පැවරේ. මේ ප්‍රතිපාදනය ඉන්දියාවේ ඒකාග්‍රතාවය සුරකින ප්‍රධානම නීතිමය විධිවිධානයකි. ඉන්දීය ව්‍යවස්ථාවේ 249 වගන්තියට සමාන බලතල නොමැතිනම්, දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් ලංකාවේ පිහිටවිය යුතු නැති බව අපේ අදහස වේ.

සියලුම සුලු කණ්ඩායම් වලට වැඩි නියෝජනයක් ලබාගැනීමට ඉඩ සලසන සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තේරී පත්වෙන නියෝජිතයන්ගේ ප්‍රතිශතය 40% ක් ලෙස නියම කොට තිබියදීත්, නොයෙක් ජාතිවාදී කණ්ඩායම් වල නියෝජනය වැඩි කිරීමට කුඩා මන්ත්‍රී කොට්ඨාශ හා බහු මන්ත්‍රී කොට්ඨාශ ඇති කිරීමටත්, යුද්ධය හේතුවෙන් පිටරට පදිංචියට ගොස් යුද්ධය අවසන් වූ පසුත් ආපසු නොපැමිනි පුද්ගලයන් අවතැන් වූවන් ලෙස සලකා උතුරු පළාතට පාර්ලිමේන්තුවේ අතිරේක ආසන සංඛ්‍යාවක් වෙන් කිරීමටත් යෝජනා වී ඇත. මේ ආකාරයට ලාංකීය දේශපාලනය තුළ පටු ජතිවාදයට මුල් තැන දීම කිසිසේත්ම පිළිගත නොහැක. සමානුපාතික පදනම මත තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වර්තමානයේදී මෙන් දිස්ත්‍රික්ක පදනම මත පත් නොවී පළාත් මට්ටමින් පත් විය යුතු බවට කර ඇති යෝජනාවද අපට පිළිගත නොහැක.

මීට කලින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නිකුත් කළ ලියවිලි වල පොලිස් බලතල ගැන සඳහන් වුවද, එම මාතෘකාව මේ නවතම යෝජනාවලියේ සඳහන් නොවන්නේ, පොලිස් සේවය කොටස් 9කට කැඩීමට අවශ්‍ය විවිධාන 13 වන සංශෝධනය හේතුවෙන් දැනටමත් අපේ ව්‍යවස්ථාවේ නවවන පරිශිෂ්ඨයේ පළමු උපලේඛණයේ සඳහන් වෙන නිසා විය හැක. වර්තමානයේ ජාතික පොලිස් සේවය රට පුරා ක්‍රියාත්මක වෙන ආකාරයටම ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බව අපේ මතයයි. ඒ අනුව වත්මන් ව්‍යවස්ථාවේ නවවන පරිශිෂ්ඨයේ පළමු උපලේඛණයද පවතින යථාර්තය පිළිඹිබු වෙන ලෙස සංශෝධනය විය යුතුය.

ව්‍යවස්ථාමය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂාඨාධිකරනයේ බලය අහෝසි කොට අලුතෙන් ව්‍යවස්ථාමය අධිකරණයක් ඇති කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු අගමැතිවරයාට ඇතැම් ජනාධිපති ලක්‍ෂණ ආරෑඩ කිරීම, මැතිවරණයකින් පසු නිශ්චිත කාලයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වෙන ආකාරයට විධිවිධාන සැලසීම, ඇතුලු අපට පිළිගත නොහැකි තවත් යෝජනා ගණනාවක්ම මේ ලියවිල්ලේ සඳහන් වුවත්, ඒවා මේ යෝජනාවලියේ ප්‍රධාන පරමාර්ථයට අදාල නොවෙන නිසා අපි එම කාරනා ගැන මෙහිදී වැඩි අවධානයක් යොමු නොකරමු.

වත්මන් ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වන වගන්තිය වෙනස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද, එය මේ අවස්ථාවේදී මොවුන්ගේ මූලික පරමාර්ථය නොවන බව පැහැදිලිය. ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට යෝජනා කර ඇති වෙනස අවසන් මොහොතේ ඉවත් කරගැනීමෙන් මහා සංඝරත්නය නොමඟ යවා රටේ ඒකීය නැතිනම් ‘යුනිටරි’ භාවය රැකගැනීමට කරන සටන මොට කිරීමට ආණ්ඩුව උත්සාහ ගනු ඇති බව විචාරකයන්ගේ අදහස වේ. මේ ආකාරයටම යහපාලකයන්ගේ ෆෙඩරල් අභිමතාර්ථයට කිසිදු හානියක් නොකොට බහුතර ජනතාව නොමඟ හැරීම සඳහා අවසන් මොහොතේ ඉවත් කරගත හැකි තවත් යෝජනාවක් වන්නේ, ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තියට ජාතික ගීයේ දෙමළ අනුවාදයද එක් කිරීමේ යෝජනාවයි.

මේ ආකාරයට කේවල් කිරීමක් ලෙස අවසන් මොහොතේ අතහැරිය හැකි යෝජනා ගණනාවක්ම මේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ. අපි මේ ගනුදෙනු කරන්නේ නීතිමය හා දේශපාලනමය උප්පරවැට්ටි සම්බන්ධයෙන් කෙල පැමිණි පිරිසක් සමඟ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේදී යහපාලකයන්ගේ ඉලක්කය වන්නේ බුදුදහමට හෝ, ජාතික ගීයට අදාල නීතිමය ප්‍රතිපාදන වෙනස් කිරීම නොව, ශ්‍රී ලංකා රජයේ ව්‍යුහය ඒකීය නැතිනම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්වා වෙනස් කිරීම පමණක් බව අප මෙහිදි වටහාගත යුතුය.

මේ ආකාරයට කේවල් කිරීමක් ලෙස අවසන් මොහොතේ අතහැරිය හැකි යෝජනා ගණනාවක්ම මේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ. අපි මේ ගනුදෙනු කරන්නේ නීතිමය හා දේශපාලනමය උප්පරවැට්ටි සම්බන්ධයෙන් කෙල පැමිණි පිරිසක් සමඟ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේදී යහපාලකයන්ගේ ඉලක්කය වන්නේ බුදුදහමට හෝ, ජාතික ගීයට අදාල නීතිමය ප්‍රතිපාදන වෙනස් කිරීම නොව, ශ්‍රී ලංකා රජයේ ව්‍යුහය ඒකීය නැතිනම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්වා වෙනස් කිරීම පමණක් බව අප මෙහිදි වටහාගත යුතුය.

එමනිසා, ජාතිවාදී පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් බලතල පැවරීමත් මේ රටේ කිසිසේතම සිදු නොවිය යුතුය. මා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, මේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ඔවුන් මුලදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය
නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය
http://ift.tt/2xLbVeG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_797.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_797.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy