දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කරලිංගම් ඉවතට !
Homeප්‍රවෘත්ති

පාස්කරලිංගම් ඉවතට !

PropellerAds

පාස්කරලිංගම් මහතාට මෙම තනතුරු අහිමි වීමේ තත්ත්වය උදාවී ඇත්තේ වත්මන් ආණ්ඩුව බලවත් අපහසුතාවට පත් කළ සිදුවීම් ගණනාවක් පිටුපස පාස්කරලිංගම් මහ...

සීමා නිර්ණය වාර්තාව ෆයිසර් ප්‍රතික්ෂේප කරයි
පොලිස් අණ නොතකා ඉගිල්ලුණු මන්ත්‍රී දියණියට දඩ
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් - මහින්ද හා එජාපය අතර 'ගනුදෙනුවක්' 
පාස්කරලිංගම් ඉවතට !
පාස්කරලිංගම් මහතාට මෙම තනතුරු අහිමි වීමේ තත්ත්වය උදාවී ඇත්තේ වත්මන් ආණ්ඩුව බලවත් අපහසුතාවට පත් කළ සිදුවීම් ගණනාවක් පිටුපස පාස්කරලිංගම් මහතාගේ මැදිහත්වීම සිදුව ඇති බවට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති පැමිණිලි රාශියක් ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දී පාස්කරලිංගම් සම්බන්ධව තීන්දුවක් ගන්නා ලෙස දැනුම් දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති නිසාය.වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ආර්. පාස්කරලිංගම් මහතා සම්බන්ධව මෙවැනි තීරණයක් ගැනීමට පසුගිය සතියේ බැඳුම්කර කොමිසම හමුවේ මෙරට රාජ්‍ය බැංකු ප්‍රධානීන් ලබා දී ඇති සාක්ෂි ප්‍රධාන වී ඇත.
 
බැඳුම්කර කොමිසමේ දී රාජ්‍ය බැංකු ප්‍රධානීන් ලබාදුන් සාක්ෂිවලට අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර වෙන්දේසි දෙකෙහිදීම වෙන්දේසි දිනට පෙර දිනයේ දී එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක බැංකු ප්‍රධානීන් අමාත්‍යාංශයට කැඳවා රාජ්‍ය මුදල් අවශ්‍යතාවක් සඳහා අඩු පොලියකට මුදල් ලබා ගත යුතුව ඇති බැවින් පසු දින පැවැත්වෙන වෙන්දේසියේ දී අවම ලංසු ඉදිරිපත් කරන ලෙස දන්වා ඉදිරිපත් කළ යුතු ලංසු පිළිබඳව සීමාවන් ද ලබා දී ඇත. එම රැස්වීම් දෙකට ආර්ථික උපදේශක ආර්.පාස්කරලිංගම් මහතා ද සහභාගී වී ඇති බවත් ඔහු සමඟ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග සහ මහ බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ද සහභාගී වී ඇත.
 
එසේම මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහ බැංකුව නියෝජනය කළ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට මැදිහත්වීම සම්බන්ධව ද පාස්කරලිංගම් මහතා වෙත චෝදනා එල්ල වී ඇත. තව ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිටි අපකීර්තිමත්ම කොමසාරිස් ජනරාල්වරිය ලෙස චෝදනා ලබා ඇති හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකට රජයේ මූල්‍ය උපදේශක ධුරයක් ලබා දීමට මැදිහත් වී ඇත්තේ ද පාස්කරලිංගම් මහතා බව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් බව ද වාර්තා වෙයි.
 
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හිමි විය යුතු රුපියල් බිලියන ගණනක ආදායම් අහිමි කිරීමට සහ බදු වංචාකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති පැමිණිල්ලේ පෙන්වා දී ඇත්තේ එවැනි දූෂණ චෝදනා ඇති තැනැත්තියක් මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ උපදේශකවරියක කිරීම හරහා බදු වංචාකරුවන් සම්බන්ධව සිදු කරගෙන යන මූලික විමර්ශන ද අඩාල වීමේ අවදානමක් ඇති බවය. එසේම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍යමණ්ඩල අනුකමිටුව විසින් ලබා දී ඇති තීන්දු නොසලකා ඉතා සැක සහිත ලෙස කටයුතු කිරීම සම්බන්ධව ද පාස්කරලිංගම් මහතා චෝදනා ලබා ඇත.
 
ඊට ආසන්නතම සිදුවීමක් ලෙස ජනාධිපතිවරයා වෙත ලැබී ඇති පැමිණිලි ඇතුළත් වාර්තාවේ සඳහන් වන්නේ කරුංකා ආනයනය සම්බන්ධව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍යමණ්ඩල අනුකමිටුව ලබා දී තිබු තීන්දුව නොසලකා හැර ව්‍යාපාරික ආයතන තුනක් වෙත කරුංකා මෙටි්‍රක් ටොන් 75,000 ක් ආනයනය කිරීමට ලබා දීම සඳහා පාස්කරලිංගම් මහතාගේ මූලිකත්වයෙන් ඇති ආර්ථික කළමනාකරණ කමිටුව මැදිහත්ව ඇති බවය. එසේම මෙම කරුංකා තොගය මේ වන විට නිදහස් කරගත නොහැකිව රේගු භාරයේ ඇති බවත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍යමණ්ඩල අනුකමිටුව ලබා දුන් තීන්දුව නොසලකා කටයුතු කර ඇතිබැවින් එම කරුන්කා තොග නිදහස් නොකිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර උපදෙස් දී තිබීම ඊට හේතු වී ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
 
පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනීමට අපේක්ෂා කරන සිසුන් හට පොලී රහිතව රුපියල් ලක්ෂ 8ක ණයක් ලබා දීමේ රජයේ ව්‍යාපෘතිය සඳහා ද පාස්කරලිංගම් මහතා මැදිහත්ව ඇති බවත් එහි දී අදාළ ණය පහසුකම තම ඥාතියකු මූලිකත්වය දරණ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි සිසුන් සඳහා විශේෂයක් කර ලබා දී ඇති බවට ද චෝදනාවක් එල්ල වී ඇත.තව ද මීට පෙර ටෙන්ඩර් නිකුත් කිරීමේ දී සහ ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල දී පාස්කරලිංගම් මහතා ඇතුළු කිහිපදෙනෙකු ගනු ලැබූ අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරුන්ට විවිධ දූෂණ චෝදනාවන්ට ලක් වීමට සිදු වූ බව ද ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇති බව ද දැනගන්නට ඇත.
 
කාශ්‍යප කොතලාවල - සත්හඬ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කරලිංගම් ඉවතට !
පාස්කරලිංගම් ඉවතට !
http://ift.tt/2fU9fjS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_782.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_782.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy