ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්‍රියේසොස් පවසන්නේ එම නම් කිරීමෙන් අනතුරව ලොව දස දෙසින් නැගී ආ විරෝධතා සියල්ල සැලකිල්ලට ගැනීමෙන් ...
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්‍රියේසොස් පවසන්නේ එම නම් කිරීමෙන් අනතුරව ලොව දස දෙසින් නැගී ආ විරෝධතා සියල්ල සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. කෙසේ නමුත් මුගාබේ ව මෙම තනතුර සඳහා පත්කරනු ලැබුවේ ද ඔහු විසිනි.
ගතවූ වසර කිහිපය තුළදී මුගාබේ විසින් සිම්බාබ්වේ රාජ්‍යය තුළ මහජන සෞඛ්‍ය නැංවීම සඳහා කළ කාර්යභාරය අගය කරමින් මෙම තනතුර පිරිනමන බව මීට පෙර ටෙඩ්රෝස් විසින් පවසා තිබිණි. ඉතියෝපියානු ජාතිකයෙක් වන ටෙඩ්රෝස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ ප්‍රථම අප්‍රිකානුවා වේ. මේ සතිය මුලදී බෝ නොවන රෝග සම්බන්ධයෙන් උරුගුවේ රාජ්‍යයේ පැවති සම්මේලනයක් අමතමින් ඔහු කියා තිබුණේ අප්‍රිකාවේ පිළිකා සහ දියවැඩියාව වැනි රෝගවලට එරෙහි සටනේ උපදේශකයෙකු වශයෙන් ක්‍රියාකිරීමට මුගාබේ සුදුසු බවයි.
නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මහජන සෞඛ්‍යය නැංවීම කෙසේ වෙතත් මුගාබේ ගේ දෑත්වල මහජනයාගේ ලේ තැවරී තිබෙන බවයි. රට තුළ දැඩි ඖෂධ හිඟයක් පැවතීම සහ 92 හැවිරිදි මුගාබේ ප්‍රතිකාර ගැනීම සඳහා නිතර නිතර විදේශ ගත වීම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වෙයි. රටේ සෞඛ්‍ය සේවය යහපත් තත්වයක පවතියි නම් එසේ වන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.
සිම්බාබ්වේ රාජ්‍යයේ ජනතාවගේ ආයු අපේක්ෂාව ද ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව අඩු අගයකි. එනම් කාන්තාවන් සඳහා අවුරුදු 53 ක් ද පුරුෂයන් සඳහා අවුරුදු 54 ක් ද වශයෙනි. ඒකාධිපති මුගාබේ විසින් සිම්බාබ්වේ රාජ්‍යය දැන් වසර 30 ක් තිස්සේ පාලනය කරමින් සිටියි.
- අමාලි ජයවීර
COMMENTS