දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර ඇත. ලොව ප්රමුඛ...
දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික ප්‍රකාශනයක් වන Global Capital විසින් මෙම නම් කිරීම සිදුකර තිබේ.
මෙහිදී Global Capital විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස නම් කිරීම සඳහා ‘Cool, calm and collected approach to central banking’ යන උදෘතය යොදා ගෙන තිබේ. මධ්‍යම බැංකුකරණය සඳහා ශාන්ත, සංසුන් හා සාමූහික ප්‍රවේශයක් යන්න එයින් ප්‍රකාශ වේ.
වසර 30 ක් පුරාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ජනතාව සහ ආයතන සඳහා ප්‍රවෘත්ති, දත්ත සේවාවන් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙසින් Global Capital සැලකේ.
COMMENTS