සයිටම් ගැටලුව විසඳීමට පත්කළ විශේෂ ජනාධිපති කමිටුව විසින් මෙම නිර්දේශ ලබාදී ඇති අතර එම නිර්දේශ අනුගමනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සය...
සයිටම් ගැටලුව විසඳීමට පත්කළ විශේෂ ජනාධිපති කමිටුව විසින් මෙම නිර්දේශ ලබාදී ඇති අතර එම නිර්දේශ අනුගමනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සයිටම් ආයතන රජයට පවරා ගන්නා අතර රජය යටතේ පවතින ආයතනයක් මගින් එප පාලනය වනු ඇත.
ඉදිරියේදී වෛද්‍ය උපාධිය පිළිබඳව අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති අතර එම නිර්දේශයන්ට අනුව තවදුරටත් වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් ආයතනය රජයට පවරාගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිත වේ.
කෙසේ වෙතත් රජය පසුගිය කාලයේදී දිගින් දිගටම ප්‍රකාශ කලේ සයිටම් ආයතනය වසාදැමීමට කිසිසේත් කටයුතු නෙකරන බවයි.
COMMENTS