ජ්‍යේෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අට දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරක...
ජ්‍යේෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අට දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ඊයේ (27) මෙම පෙත්සම කැඳවනු ලැබුවේ සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය.
එහිදී මෙම විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු තමන් හොඳින් දන්නා හඳුනන හෙයින් පෙත්සම විභාග කිරීමට තමන් අකමැති බව සිසිර ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ප්‍රකාශ කළ නිසා නව විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීමට නොවැම්බර් 10 වනදා දක්වා කල් තබන ලදී.
- රංජිත් නිශාන්ත
COMMENTS