දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!
Homeප්‍රවෘත්ති

බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!

PropellerAds

  කරුණු කාරණා සහිතවද අධිකරණය විසින් මහජන මුදල් වංචා කිරීමක් ලෙස තීන්දු කරන ලද සිල් රෙදි මංකොල්ලය සම්බන්ධයෙන් තම ස්වාමියා රැගකනු වස් ඉල්ල...

සජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරයි
ආත්ම ගරුත්වයට හානි කළාට ශානි කෝටි 100ක් ඉල්ලයි
රට සවාරි ගිහින් හිතේ හැටියට ෂොපින් කරපු ලංවීමේ නෝනාට වැඩ වරදී!
බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!

 

කරුණු කාරණා සහිතවද අධිකරණය විසින් මහජන මුදල් වංචා කිරීමක් ලෙස තීන්දු කරන ලද සිල් රෙදි මංකොල්ලය සම්බන්ධයෙන් තම ස්වාමියා රැගකනු වස් ඉල්ලංකෑමේ කමවේදයට අනුව වරද පටවාගත් දූෂිත නිලධාරීන් දෙදෙනෙකු සිරගත කොට දඩ හා වන්දි නියම කිරීමෙන් අනතුරුව එය ගෙවීස සඳහාද මහජනතාවගේ මුදල් ගසා කෑමේ අරමුණින් 'පිණ්ඩපාතේ' වඩින හොර සිවුරුකාරයින් දකින විට ඇත්තටම උපදින්නේ බලවත් ජුගුප්සාවකි. මේ පශ්චාත් මහජන මුදල් ගසාකෑමේ ජාවාරමේ පළමු අදියර අද දිනයේ කොළඹින් ආරම්භ කරන ලද බව දැනගන්නට ලැබේ. මෙය හරියට අපේ ගෙදර මංකොල්ල කෑ හොරෙකු අධිකරණය මගින් දඬුවම් නියම වීමෙන් පසුව අප වෙත වන්දි ගෙවීම සඳහා නැවත වරක් අපේ ගෙදරම මංකොල්ල කෑමට හැම අතින්ම සමාන සිදුවීමකි. අප ජීවත් වන්නේ මේ සා තුච්ඡ දේශයකද?

පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂගේ දූෂිත මැතිවරණ ව්‍යාපාරයට වාසි ලබා ගැනීමේ අරමුණින් දියත් කෙරුණු සිල් රෙදි ජාවාරමේ සුලමුලත්, ඒ සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන රාජපක්ෂගේ කීකරු ගෝලයින් දෙදෙනාට දඬුවම් නියම වූ ඓතිහාසික නඩු තීන්දුවත් ගැන සම්පූර්ණ අදහසක් පිටු 60 කින් සමන්විත ඊට අදාළ නඩු තීන්දුව කියවීමෙන් ඕනෑම කෙනෙකුට ලබාගත හැකිය. දැන් දැන් රාජපක්ෂගේ වහලුන් තැන තැන කියමින් ඇවිදිනවා සේ මෙරට අධිකරණය විසින් බෞද්ධයින් අතර සිල් රෙදි බෙදීමට විරුද්ධව අබමල් රේණුවකින් හෝ බාධාවක් පනවා නැති එය කියවීමේ තේරුම් යා යුතුය. සාමාන්‍ය සම්ප්‍රදායයට අනුව වෙසක්, පොසොන් වැනි පුණ්‍යෝත්සව පැවැත්වන වකවානු ඉලක්ක කරගෙන එවැනි ක්‍රියා සිදු කෙරුණත් මැතිවරණයක් අතළඟ තබාගෙන, විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස් පවා මැතිවරණ වාසි තකා ඡන්දදායකයින් වෙත අල්ලස් ලබා දීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබූ පසුබිමක සිල් රෙදි බෙදා දීමකට මේ තරම් කලබලයක් ඇති වුණේ ඇයිදැයි එම නඩු තීන්දුව මගින්ම ප්‍රශ්න කර ඇත. එපමණක්ද නොව, මේ සිල් රෙදි බෙදා දීම හුදෙක්ම හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික ලාභය ඉලක්ක කරගත් අල්ලස් ලබා දීමක් බවද එහි පැහැදිලිවම ගම්‍ය කර ඇත. විදුලිසංදේශ නියාමන කොමිසමේ ආයතනික සමාජ වගකීම් (CSR)වැඩසටහන් සඳහා වෙන්කර තිබූ රු. මිලියන 100 ක මුදල අවසන්ව තිබිය දී පවා තවත් මිලියන 600 ක් මහජන මුදලින් මංකොල්ල කමින් සිදු කරන ලද ජාවාරම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබා දී ඇත්තේ ආවාට ගියාට නොව ඉතා සුපරීක්ෂාකාරීව කරුණු කාරණා සලකා බැලීමෙන්, විශේෂයෙන්ම විත්තිකාරයින්ගේ කෝණයෙන් අදාළ සිද්ධිය විශ්ලේෂණය කිරීමෙන් බව පෙනී යයි. මේ නිසා, මෙම නඩු තීන්දුව අසාධාරණ එකකැයි කියන්නට කිසිදු හේතුවක් නැත (යමෙක් එසේ සිතන්නේ නම් අදාළ නඩු තීන්දුව පරිස්සමට කියවා බැලිය හැකිය).

ලලිත් සහ අනූෂ දෙදෙනා සිදු කළේ පැහැදිලිවම ලොක්කා බේරන්නට ගොස් ඉල්ලං කෑමක් බඳු දෙයකි. නඩු විභාගය අතරවාරයේදී මහින්ද රාජපක්ෂ බේරීමේ අරමුණින් ඔවුන් කරුණු පළ කර ඇති බව තීන්දු වාර්තාවේ කිහිප පලකම සඳහන් වේ. ඒ අනුව ඔවුන් ගම්‍ය කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මහින්ද මේ සිද්ධියට සකලාර්ථයෙන්ම 'බබා' බවයි. කෙසේ වෙතත්, මේ දෙදෙනාට බන්ධනාගාර රෝහල වෙත අදිසි 'ප්‍රොමෝෂන් එකක්' ලැබීමෙන් අනතුරුව ඔවුන් නරඹන්නට ගිය හිටපු ජනාධිපතිවරයාමාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ ඔවුන්ට මෙම සිල්රෙදි බෙදා දීමට ඔවුන්ට නියම කළේ තමන් බවයි. අධිකරණය විසින් මහජන මුදල් වංචාවක් ලෙස තීන්දු කිරීම සම්බන්ධයෙන්ද ඔහු කියා සිටියේ සිල් රෙදි බෙදා දීමක් හෙයින් මෙය කිසිසේත්ම වරදක් නොවන බවයි. මහින්දට අනුව දැන් අප පිළිගත යුත්තේ අධිකරණ තීන්දුව නොව ඔහුගේ කෙප්ප බව ඔහු සිතන සෙයකි. මේ අතර, තමන්ගේ රුව හෝ වෙනත් කිසිදු දේශපාලනික පණිවුඩයක් එම සිල් රෙදි අසුරනවලට බහාලීමක් සිදු නොකළ බවද ඔහු කියයි. එහෙත්, එවැනි පණිවුඩ ඇතුළත් කළ බවට අධිකරණයේදී කරුණු හෙළිදරවු වී ඇති බවද ඉහත නඩු තීන්දුව කියවීමෙන් ඔප්පු වෙයි. ලලිත් හා අනූෂ දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඇප ඉල්ලීම සලකා බැලෙන මේ මොහොතේදී අදාළ අපරාධයට අණ දුන්නේ තමන් බවට වගකීම භාරගත් මහින්දගෙන්ද ප්‍රශ්න කරන්නට හේතු ඕනෑතරම් ඇත.

සිල්රෙදි මගඩියෙන් පසුව දැන් අප හමුවේ දිග හැරෙන්නේ පිණ්ඩපාත මගඩියයි. නැතිබැරි මිනිස්සුන්ට පිනට යමක් ලබා දීමෙන් මෙලොවත් පරලොවත් දෙලොවම වැඩ සැලසෙන බව ගෞතම බුදුන් දේශනා කර ඇත. එහෙත්, අනුන්ගේ මුදල් හා දේපල මංකොල්ල කමින් සොරකම් කොට දන් දෙන්න යැයි උන්වහන්සේ සඳහන් කළ තැනක් වේ නම් කරුණාකර අපට කියාදෙන්න! බුදුන්වහන්සේ භික්ෂූන්ට පිණ්ඩපාතේ වඩින්නට නියම කළේද හොරුන්ට කඩේ යාමටවත්, අහිංසක මිනිසුන් මහන්සි වී හරිහම්බ කරන තුට්ටු දෙකට කෙලින්නටවත් නොවන බවද අපි දනිමු. බුදුදහමේ දැක්වෙන්නේ තමන්ගේ කර්ම තමන් විසින්ම දරාගත යුතු බවයි. බුදු දහමට අනුව බැලූ කල ලලිත් හා අනූෂ දෙදෙනා එදා මහින්ද රාජපක්ෂ ඇතුළු හොර කල්ලියට අවශ්‍ය පරිදි මහජනතාවගේ මුදල් හොරකම් කරන්නට උඩගෙඩි නොදුන්නා නම් අද මෙහෙම හිරේ ලගින්නේ නැත.

බුදුදහම සහ වාර්ගිකාගමික (බොරු) බෞද්ධකම යනු එකිනෙකට පරස්පර ප්‍රපංච දෙකක් බව අප දිගින් දිගටම මතු කරන අදහසකි. අප කුඩා කල සිට අසා ඇති බුදුදහම හා වත්මන් සමාජයේ සිටින දේශපාලනික සිවුරුකාරයින් හැසිරෙන ආකාරය අතර ඇති පරස්පරයම ඊට දෙස් දෙයි. බුද්ධාගම යනු හොරකම් සාධාරණීකරණය කළ ආගමක් නොව හොරකම් කිරීමේ ආදීනව පෙන්වා දී එසේ නොකරන ලෙස හොරුන්ටත්, අන් අයටත් අවවාද කළ ආගමකි. එහෙවු පසුබිමක් තුළ නැවත වරක් මහජනතාවගේ මුදල් ගසා කෑමේ අරමුණින් මහපාරේ ඇවිදින බෞද්ධ වේශධාරී මුදලාලිලාගේ ගොදුරු බවට පත් වන්නේ නම් ඛේදයකි.

සෑම ජනවර්ගයකටම එකා මෙන් සහයෝගයෙන් ජීවිත් වීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ලොකුම බාධාව බවට පත්ව සිටින මේ කරදරකාරයින් මර්ධනය කිරීම පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමකි.අන් කිසිවකටත් වඩා පදනම් විරහිත ලෙස විකෘති කර සමාජය නොමග යවන හොරුන් හෙළා දැකීම සැබෑ බෞද්ධ භික්ෂු සමාජයක් වේ නම් එහිද වගකීමක් වන්නේය.

එහෙත්, ඊට පෙර මහපාරේ ඇවිදින බෞද්ධයිනි, පොකට් එක පරිස්සම් කරගන්න!

අශාන් වීරසිංහ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!
බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!
http://ift.tt/2fuFpCB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy