කලක පටන් හොකී ක්‍රීඩාව පත්ව ඇති අර්බුධ සමනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අවධානය යොමුව ඇතැයි අප මීට පෙර පැවසුව ද යලි යලිත්...
කලක පටන් හොකී ක්‍රීඩාව පත්ව ඇති අර්බුධ සමනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අවධානය යොමුව ඇතැයි අප මීට පෙර පැවසුව ද යලි යලිත් සිදුවන්නට යන්නේ හොකී ක්‍රිඩාවේ මලගමට ධවල ධජයන් නිර්මාණය කිරීමදැයි අප මුලින්ම ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නෙමු.
හොකී සංගම් පෙන්වා දුන් පරිදි ජාතික හොකී ක්‍රිඩාවේ උන්නතිය උදෙසා දයාසිරි ජයසේකර සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉදිරිපත්ව ඇතැයි පසුගියදා අප අනාවරණය කලේය.
එහෙත් මේ වන විට සිදුව ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ භය පක්ෂපාතී ආශිර්වාදයෙන් යලි යලිත් ජාතික හොකී තේරීම් කමිටුවට පසුගිය වකවානුව තුළ සිදූවූ අගතියම, හෙට දිනයේ ද අත්විදින්නට සිදුවීමයි.
ජාතික හොකී තේරීම් කමිටුවේ සභාපති පුටුවට හෙට (27) හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ දර්ශන විජේසිංහ මහතාව පත් කිරීමේ සූදානමක් ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ පත් කිරීම සදාචාර විරෝධීව සිදු කෙරෙන්නක් බව මවිතයට කාරණයක් නොවන්නේ වසර ගණනාවකම සිට හොකී ක්‍රීඩාව පොලිසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගිය ආයතනයක් බවට මොවුන් විසින් අනවර්ථයෙන් පත්කර ගෙන සිටීම නිසාවෙනි.
එමෙන්ම සුදුසුකම් ඇති ක්‍රීඩකයින්ව ජාතික මට්ටමෙන් පලවා හරින ලැදැයි, හොකී ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන් උක්ත නම් සදහන් දර්ශන විජේසිංහ නැමැත්තා යලි යලිත් පත් කිරීම තුළින් සිදුවන්නේ, හොකී ක්‍රිඩාව සිල්ලර කාසිවලට විකිණෙන ආයතනයක් බවට පත් කිරීමදැයි අප බලදරින්ගෙන් විමසා සිටිමු.
විශේෂයෙන් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරුවන් තෝරා ගැනීමේ අර්බුධය අප මතක් කර සිටින්නෙමු.
එසේම මෙවන් පුද්ගලයන් තේරීම් කමිටු සභාපති පුටු සඳහා පත් කිරීමට දත කන්නේ ද ජේෂ්ඨ හොකී ප්‍රවීණයන් වන ජගත් බාලසුරිය වැන්නන් කුණු කූඩයට විසි කරමින් වීම ද කණගාටුවට කරුණකි.
ක්‍රිඩා ඇමතිතුමනි, ඔබ මේ දෙස අවිචාරශීලිව බලා සිටීමෙන් සිදුවන්නට යන්නේ හොකී ක්‍රිඩාවේ මලගමට සුදුකොඩි දැමීමට ඔබ විසින් උඩගෙඩි සැපයීමක් බව ලාංකික ක්‍රිඩා ලෝලීන් විසින් මොනවට පසක් කර ගත යුතු කරුණක් බව නම් පැහැදිලිය.
COMMENTS