Hot!

'විජේදාසට එරෙහි විශ්වාස භංගයට සහාය නෑ' - මහින්ද. [Video]


එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට තමා සහාය නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට පිලිතුරු දෙමිනි.

විජේදාස රාජපක්ෂ මහතා තම ගමේ කෙනෙකු බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට තීරණය කර ඇත්තේ ඔහු කැබිනට් සාමුහිකත්වය කඩකර ඇති බවට චෝදනා කරමිනි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහි පෙරමුණ ගෙන සිටියි.

රාජපක්‍ෂවරුන්ගේ වංචා දුෂණ සම්බන්ධ නඩු පැවරීම ප්‍රමාද වීම, රවි කරුණානායක හිටපු ඇමතිව නීතිපති දෙපාර්තමේන්තුව ලවා අපහසුතාවයට පත් කිරීම ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාප පසුපෙළ නගන චෝදනාවන් වේ.

එසේම, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුතකු විසින් පවත්වා ගෙන වෙබ් අඩවියකින් එජාප අමාත්‍යවරුන්ට පහරදෙමින් සිටින බවත්, රවී කරුණානායක මහතාට එරෙහිව එම වෙබ් අඩවියෙන් පසුගිය දින කිහිපයෙහි සහාසික ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්  එජාප පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයක දී පොදු අපේක්ෂකයා ලෙස නම් කරන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් දී ඇති පොරොන්දුවක් මත, විජේදාස රාජපක්ෂ මහතා මේවනවිට රජය අපහසුතාවයට පත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති හෙයින් වහාම ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම මන්ත්‍රීවරු පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.



0 comments:

Post a Comment