දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කරන්නාගොඩ අත්අඩංගුවට - “චිචී” FCIDය ට.

දමිළ තරුණයින් පස්දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරි දින කිහිපයේදී අපරාධ පර...


දමිළ තරුණයින් පස්දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරි දින කිහිපයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

එම තරුණයින් පැහැරගෙන ගොස් ත්‍රිකුණාමල ගන්සයිඩ් කඳවුරේ රඳවා තබාගනිමින් කෲර ලෙස වධහිංසාවලට ලක්කර ඇති බව හා ඔවුන් මරාදැමුණු ආකාරය ගැන හිටපු නාවික හමුදාපතිවරයා දැනගෙන සිට ඇති බව පසුගිය 10 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රහස් පොලිසිය දැනුම්දී තිබේ.

එම කඳවුරේ සිදුවූ මෙම සිදුවීම් සියල්ල හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරාගේ දැනුවත් කිරීම හා බුද්ධි තොරතුරු රැස්වීමේදී හිටපු නාවික හමුදාපතිවරයාට වාර්තා වී ඇතැයි ද මේවන විට හෙළිව ඇත.

කොමදෝරු උදය කීර්ති, ඩී.කේ.පී. දසනායක, ලුතිනන් කමාන්ඩර් රණසිංහ, හිටපු බුද්ධි අධ්‍යක්ෂ ගුරුගේ හා එවකට නාවික හමුදාවේ සිටි ඉහල නිලධාරීන් සියල්ල දැනගෙන සිට ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී තිබේ.

ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මේ ඝාතන සිදුකර ඇති බවද එහිදී හෙළිවී ඇති අතර හිටපු නාවික හමුදාපතිවරයා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට සම්පත් මුණසිංහ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ පුද්ගලික ප්‍රශ්නයක් මත යැයිද මේවන විට හෙළිව ඇතැයි පැවසේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට ප්‍රශ්න කළ නාවික සෙබලුන්ගෙන් මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු හෙළිකරගෙන ඇති බවත්, ඒවා හිටපු නාවික හමුදාපතිට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

CID නිලධාරියාට මරණ තර්ජන

අදාළ පරීක්ෂණ සිදුකරන රහස් පොලිස් නිලධාරියාට මරණ තර්ජන එල්ලවී ඇති බවද අධිකරණයට දැනුම්දී තිබේ.

කෙසේවුවද, වත්මන් නාවික හමුදාපති විශ්‍රාම ගිය පසු ඒ ධූරයට පත්වීමට නියමිත සින්නයියා මහතා මේ ඝාතන කළ අයට නීතියෙන් දඬුවම් දිය යුතුය යන ස්ථාවරයේ සිටින බවද නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

“චිචී” FCIDය ට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ (චිචී) මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

ඒ චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහාය.

රෝහිත සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව පැවසේ.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඩොලර් මිලියන 320 ක් වියදම් කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොලැබුණ බවත්, රජයේ මුදල් රුපියල් මිලියන 500ක් ඒ වෙනුවෙන් වියදම් කර ඇති බවත් වරක් එජාප හිටපු මහලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.


සුප්‍රිම් සැට් ගැන දෙරණ නිවේදක චතුර අල්විස් හා චීචී ජනාධිපති මන්දිරයේදී කළ සාකච්ඡාවක වීඩියෝව පහත දැක්වේ. (වීඩියෝ අනුග්‍රහය දෙරණ)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරන්නාගොඩ අත්අඩංගුවට - “චිචී” FCIDය ට.
කරන්නාගොඩ අත්අඩංගුවට - “චිචී” FCIDය ට.
http://ift.tt/2fARWHE
https://i.ytimg.com/vi/S3Nsva9MwD8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/fcid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/fcid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy