Advertisements

PropellerAds

Breaking News

'ඔක්කොම හොරු' - මහින්ද.


කළ පව්වලින් මිදීමට අවශ්‍ය නම් වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන  බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වූ ටී.බී. තෙන්නකෝන් මහතා සිහි කරමින් සංවිධානය කර තබූ දානමය පිංකමකට දඹුල්ලේදී අද (13දා) හිටපු ජනපතිවරයා මේ බව පවසා සිටියේය.

වර්තමානය වන විට රට විශාල අගාධයකට ඇද වැටී  ඇති අතර බවත් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව නෙලුම් අල ආහාරයට ගන්නා තත්ත්වයට පත්ව දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවන බවද රාජපක්ෂ මහතා  පැවසීය.

මේ පාපකර්මයෙන් මිදෙන ලෙස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට කියා සිටියේය .

පෙරදා තමන්ට හොරා කියූ පිරිස දැන් අන් අයටත් හොරා යැයි පවසන බවත් බලන විට සියල්ලන්ම හොරු යැයි හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාවට බර පටවනු ලබන්නේ ණය නිසා නොවන බවත් බැඳුම්කර සොරකම වසා ගන්නට බවද  ඔහු මෙහිදී පවසා සිටියේය.

No comments