එහිදී වැදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා, 'රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ට තොග වශයෙන්...
එහිදී වැදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා,
'රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ට තොග වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. මුල්‍ය අපරාධ, දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන ඊට ඇතුළත්. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ළුෑණු බිකක් වගෙයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ ඩුබායි බැංකු ගිණුම්වල තිබෙන මුදල් ප්‍රමාණ ගැනත් ජනතාව දැනගත යුතුයි. එක බැංකු ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියනයක් තිඛෙනවා. ලේකම්වරයෙකුගේ ගිණුමක ඩොලර් බිලියන 1800 ක මුදලක් තැන්පත් කර තිබෙනවා. තවත් මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියන 500 ක් තැන්පත් කර තිඛෙනවා. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ගැන කථා කරන අය කම්බ හොරු. හොරු පිරිසක් තමයි මේ ගැන කථා කරන්නේ. විලිලැජ්ජයි. සාධාරණ විසදුමක් ඉදිරියේදී ලැබෙයි.'
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ වැළිකන්ද ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයක් පිළිබදව ද මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 11 ක් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පවත්වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනි. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ සාකච්ඡා පවත්වනවා නම් හොඳයි, පක්ෂ දෙකම එකම ආණ්ඩුවේම නිසා යනුවෙනි.
COMMENTS