දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ආනන්දය චක‍්‍රලේඛන උල්ලංඝණය කරලා.
Homeප්‍රවෘත්ති

කොළඹ ආනන්දය චක‍්‍රලේඛන උල්ලංඝණය කරලා.

PropellerAds

කොළඹ ආනන්ද විදුහලේ 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත්...

එජාපය අලුත් කරන්න තිස්ස යළි එයි! රනිල් ඉවත් කරන්න එජාපයේ පිරිසක් වැඩ අල්ලයි
බස්නාහිර පළාත් සභාවේ කෝටි එකහමාරේ දොර ගැන ජවිපෙ සියල්ල හෙළි කරයි
පොලිසිය ජනපති යටතට පවරා ගන්නැයි ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ජනපතිට කියයි

කොළඹ ආනන්ද විදුහලේ 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත්ව ඇති බව ලංකා  ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව කොළඹ ආනන්ද විදුහලේ 2018 වසරේ 1 ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී එම විදුහල 22/2017 චක‍්‍රලේඛය උල්ලංඝණය කර ඇත.

කොළඹ ආනන්ද විදුහලේ වර්තමාන ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය සංගම් චක‍්‍රලේඛයට  පටහැනිව පිහිටුවා ඇති බවද සභාපතිවරයා පවසයි.පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවීම පිළිබඳ 1961 නොවැම්බර් 20 දිනැති 1961 අංක 27 දරණ චක‍්‍රලේඛයට අනුව නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විය යුත්තේ පාසලේ විදුහල්පතිවරයාය. එහෙත් කොළඹ ආනන්ද විදුහලේ මේ වන විට ක්‍රියාත්මක ආදි ශිෂ්‍ය සංගමයේ විදුහල්පතිවරයා සභාපතිත්වය නොදරයි. එබැවින්  එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නීත්‍යානුකූල නොවන බවට ස්ටාලිං මහතා හේතු ඉදිරිපත් කරයි.

චක‍්‍රලේඛ විධිවිධානවලට අනුව එවැනි අවස්ථාවක ආදි ශිෂ්‍ය නියෝජනය රහිතව ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුතු වුවත් කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ එම චක‍්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් නීත්‍යානුකූල නොවන ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සහභාගි කරවාගෙනය.

ස්ටාලිං මහතා පවසන පරිදි ලබන වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නිකුත් කර ඇති 22/2017 චක‍්‍රලේඛයේ 6.2.2 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ ‘‘ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයා තෝරා ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදි ශිෂ්‍ය සංගම් චක‍්‍රලේඛය අනුව පිහිටුවා ඇති ආදි ශිෂ්‍ය සංගමයේ කාරක සභාවේ එකඟතාවය මත ද නියෝජිතයා පත් කර ගත යුතුය. ආදි ශිෂය සංගම් චක‍්‍රලේඛ විධි විධාන ප‍්‍රකාර ව ආදි ශිෂ්‍ය සංගම් කි‍්‍රයාත්මක නොවන අවස්ථාවන්හිදී එම චක‍්‍රලේඛ ප‍්‍රකාරව ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා ආදළ නියෝජිතයා පත් කර ගැනීමට හෝ එසේ පිහිටුවීමට අපොහොසත් වන අවස්ථාවන්හි දී ආදි ශිෂ්‍ය නියෝජනය රහිතව අනිකුත් සාමාජිකයන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් එම ගණයේ සම්මුඛ පරීක්ෂණ ද පැවැත්විය යුතුය’’ යනුවෙනි.

කොළඹ ආනන්ද විදුහල මෙන්ම තවත් ප‍්‍රධාන පෙළේ පාසල් 5 ක ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ ඉහත චක‍්‍රලේඛයට පටහැනිව බව ඒ මහතා වැඩි දුරටත් පවසයි.

මේ තත්ත්වය තුළ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ නීත්‍යානුකූල නොවන බැවින් එම සම්මුඛ පරීක්ෂණ අත්හිටුවා 22/2017 චක‍්‍රලේඛය ප‍්‍රකාරව නැවත විධිමත් ලෙස පැවැත්වීමටත්, රටේ ප‍්‍රභල දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත චක‍්‍රලේඛ උල්ලංඝණය කර කොළඹ ආනන්ද විදුහලේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ආනන්දය චක‍්‍රලේඛන උල්ලංඝණය කරලා.
කොළඹ ආනන්දය චක‍්‍රලේඛන උල්ලංඝණය කරලා.
http://ift.tt/2wzKYcp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_789.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_789.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy