මහනුවර ඇසළ පෙරහැර මෙන්ම සෙසු පෙරහැර මංගල්‍යයන් සදහා ද වෙනත් උත්සව අවස්ථාවන් සදහා අලි ඇතුන් යොදා ගැනීමේදී ඔවුන්ට ඇදුම් නිර්මාණය කරන්නේ සීම...
මහනුවර ඇසළ පෙරහැර මෙන්ම සෙසු පෙරහැර මංගල්‍යයන් සදහා ද වෙනත් උත්සව අවස්ථාවන් සදහා අලි ඇතුන් යොදා ගැනීමේදී ඔවුන්ට ඇදුම් නිර්මාණය කරන්නේ සීමිත නිර්මාණ ශිල්පීන් පිරිසක් විසිනි.
අලි ඇදුම් නිර්මාණය කිරීම වෙහෙසකර කාර්යයක් වන බවත් මේ සදහා ශිල්පීන් පස් දෙනෙකු පමණ යෙදුවත් නිම කිරීමට මාස දෙකකට අධික කාලයක් ගත වන බවත් ඔවුන් කියයි.
ඇදුම් සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිළ දිගින් දිගටම ඉහළයාම ද කර්මාන්තය සිදුකිරීමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි නිෂ්පාදකයන් සදහන් කරයි.
අලි අතුන්ගේ ඇදුම් මිලදී ගැනීමට දේවාල සදහා විශාල මුදලක් වැය කරන බවත් ඉල්ලුම පැවතුණ ද ඒ සදහා ප්‍රමාණවත් සැපයීමක් සිදු නොවීම ගැටලුවක් යැයි මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. අතීතයේදී අලි ඇතුන් සදහා ඇදුමක් නිර්මාණය කිරීමේදී රුපියල් 40 000ක පමණ මුදලක් වැය වූ නමුත් මේ වන විට ඒ සදහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැය වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. සම්ප්‍රදායානුකූලව සිදු කරන මෙම කාර්යයේදී අපිරිසිදු ඇදුම් සහිත ඇතුන් ලවා දේවාභරණ වැඩම කළ නොහැකි බැවින් වර්ෂිකව නව ඇදුම් ලබා ගත යුතු බවත් මේ සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බව ඒ මහතා කීවේය.
මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී. වලිසුන්දර මහතා අදහස් දක්වමින්, අතීතයේදී ඇතුන් සදහා ඇදුම් භාවිත කිරිමක් සිදුවුණේ නැහැ. ඒ වෙනුවට යොදා ගත්තේ සුදු රෙදි කඩක්. නමුත් දැනට වසර හැටකට පමණ ඉහතදී ඇඟලුම් ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා සිල්ක් ආයතනයේ අධීපති කේ.සී.තධානි මහතා පැමිණ අප සතු අලියෙකුගේ ශරීරයට ගැලපෙන පරිදි ඇඳුමක් නිර්මාණය කළා. මගේ පියා සතුවයි එම අලියන් සිටියේ. කාඩ්බෝඩ් වලින් සැකසූ මූලික පතොරමක් යොදා මිනුම් ලබා ගැනීම කළා. එම ඇදුම නිර්මාණය කරමින් අද වන විට ඉතා අලංකාර පරිදි අලි ඇතුන් සදහා ඇදුම් නිර්මාණය කිරීමේ කාර්යය සිදුවෙනවා.
මෙය අසීරු කාර්යයක්. මේ සදහා වැය වන මුදල අධිකයි. සීක්වීන්ස්, ජීක්ස්, සාධාපූර්ණ වෙල්වට් රෙදි ආදිය ලබා ගත යුතුයි. විවිධ හේතු නිසා ඇද වැටෙමින් පවතින මෙම කර්මාන්තය රැක ගත යුතු යැයි බස්නායක නිලමේවරයා සදහන් කළේය.
අලි ඇතුන් වෙනුවෙන් ඇදුමක් හදුන්වා දුන් ඇගලුම් ව්‍යාපාරිකයෙකු වන කේ.සී.තධානි මහතා මේ වන විටත් අලි ඇතුන් වෙනුවෙන් ඇදුම් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටියි. උපතින් හින්දු සීක් ජාතිකයෙකු වන තධානී මහතා බෞද්ධාගම කෙරෙහි දැඩි භක්තියකින් පසුවන්නෙකි. සිය දෙමාපියන් තමන් පැවිදි දිවියට පත් වෙතැයි අනුමාන කළ බව ද ඒ මහතා කීවේය.
අතීතයේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් සදහා ඇදුම් තිබුණේ නැහැ. සිදු පිරුවටයකින් සරසා ඔවුන් ගමන් කළා. නමුත් එය නිතරම අපිරිසිදු වෙනවා. රෙදි කඩ ගැලවෙනවා. ඒ නිසා ඇලි ඇතුන් වෙනුවෙන් විධිමත් ඇදුමක් නිර්මාණය කළ යුතු බව මම සිතුවා.
පෙරහැර කරඩුව වැඩම කරවන ඇතු හා පරිවාර ඇතුන් දෙදෙනා සදහා තමන් විසින් ම නිර්මාණය කළ ඇදුම් කට්ටල තුනක් වසර තිහකට අධික කාලයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පූජා කිරීමට තරම් එහි නිර්මාණකරුවා පුණ්‍යවන්ත විය. අනතුරුව ඇත් රජු වෙත මුලින්ම ඇදුමක් පරිත්‍යාග කිරීමට සමත් වී ඇත්තේ ශ්‍රී දළදා මාළිගාවේ හැත්තෑව දශකයේ මුල් භාගයේදී කටයුතු කළ දියවඩන නිළමේවරයෙකු වූ එච්. බී. උඩුරාවණ මහතායි.
කේ.සී.තධානි මහතා කළ නිර්මාණය මේ වන විට දියුණු තත්ත්වයට පත්ව ඇත. දර්ශනීය වෙල්වට් රෙදි යොදා අලංකාර පසුතල නිර්මාණයෙන් යුතු ඇදුම විවිධ සීක්වීන්ස් වලින් සමලංකෘත කොට තිබේ. ඒ නිසා දැඩි මනහර බවක් ඇදුමට යෙදී තිබේ.
අලි ඇදුමක් ප්‍රවේශමෙන් භාවිත කරන්නේ නම් වසර දහයක පමණ කාලයක් තබා ගත හැකි බව කේ.සී.තධානි මහතා කීවේය. නමුත් දේවාභරණ වැඩම කරන පෙරහැර තුළ කිළිටි වූ ඇදුම් භාවිත කිරීම සිදු නොවන නිසා ඇලි ඇතුන් වෙනුවෙන් නිතරම නව ඇදුම් නිර්මාණය කරන බව ද ඒ මහතා සදහන් කළේය.
මම මේ නිර්මාණය හදුන්වා දුන්නේ පුණ්‍ය කර්මයක් වශයෙක් මිස ලාභ ලැබීමේ චේතනාවකින් නොවෙයි. මේ කර්මාන්තය වෙනුවෙන් පේ වෙලා රාජකාරිය ඉටු කරනවා. ඇදුම නිර්මාණය කිරීමේ එය භාරව නායකයෙකු පත් කොට ඔහු යටතේ කටයුතු කරන දස දෙනෙකු පමණ පත් කරනවා. එහිදී එක් අයෙකුට යම් කොටසක් පමණක් ලබාදීම මගින් උසස් වු ඇදුම් නිර්මාණක කිරීමට හැකි යැයි කේ.සී.තධානි මහතා කීවේය.
ඔහු හදුන්වා දුන් ඇදුම් නිර්මාණය කිරීමේ කලාව මේ වන විට දිවයිනේ බස්නාහිර, දකුණ ඇතුලු පළාත් ගණනාවක ව්‍යාප්ත වී ඇලි ඇතුන් ඇදුමින් අලංකාර කිරීම අත්‍යවශ්‍ය ගුණාංගයක් බවට මේ වන විට පත්ව තිබේ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS