මහජනතාවගේ ජනජීවිතය නගාසිටුවීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවත් ඔවුන්ට ලබාදෙන සහනාධාර අත්හිටුවීමට කිසිසේත් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා පව...
මහජනතාවගේ ජනජීවිතය නගාසිටුවීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවත් ඔවුන්ට ලබාදෙන සහනාධාර අත්හිටුවීමට කිසිසේත් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා පවසයි. විවිද පුද්ගලයන් දේශපාලන උසිගැන්වීම් මත සමෘද්ධි සහනාධාරය කප්පාදු කරන බවට ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමෘද්ධි නිළධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේ සමෘද්ධිය කප්පාදු කරමින් ආණ්ඩුව දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය සැමරීමට සූදානම් වන බවයි. එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේදී රටපුරා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS