ඒ අනුව මෙම වැඩපිළිවෙල අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මොරටුව සිට කටුබැද්ද දක්වා සහ වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ සිට බම්...
ඒ අනුව මෙම වැඩපිළිවෙල අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මොරටුව සිට කටුබැද්ද දක්වා සහ වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ සිට බම්බලපිටිය හන්දිය දක්වා අගොස්තු 15 වැනිදා මෙම වැඩපිලිවෙල ආරම්භ වේ.
කටුබැද්ද හන්දියේ සිට මැලිබන් හන්දිය දක්වා සහ බම්බලපිටියේ සිට පිත්තල හන්දිය දක්වා අගෝස්තු 22 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර බත්තරමුල්ල පොල්දූව හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා සහ කොළඹ නගර සභා හන්දියේ සිට තුම්මුල්ල දක්වා අගෝස්තු 29 වැනිදා නව මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
මීට අමතරව බොරැල්ල, මරදාන, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිතව ලබන මාසයේ සිට නව මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. පෙරවරු 6 සිට 9 දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර වෙනත් කිසිදු මාර්ගයකට එවැනි ප්‍රමුඛතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව ද අමාත්‍යංශය පවසයි.
COMMENTS