දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇමති විජේදාසට ශ්‍රීලනීපයට එන්නැයි ඇරයුම්.

එක්සත් ජාතික පක්ෂයෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ‘ලණු කන්නේ නැතිව‘ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක...


එක්සත් ජාතික පක්ෂයෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ‘ලණු කන්නේ නැතිව‘ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා, ඇමති විජේදාස රාජපක්ෂ මහතාට ආරාධනා කර සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කලේ හාලිඇල කුඩුමහවෙල අද (13 ) පැවැති පාක්ෂික හමුවකදීය.

“ විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. වර්තමාන කෝප් කමිටුවට ඉස්සෙල්ලා තිබුණ කෝප් කමිටුවේ සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා. එතකොට මාත් ඒ කෝප් එකේ සාමාජිකයෙක්.

එතුමා හොරෙක් නොවෙයි. කෙළින් කතාකරන මිනිහෙක්. එතුමල අපි එකතුවෙලා එම කෝප් කමිටුව තුළින් හොරු ගැන වංචාකාරයෝ ගැන විශාල හෙළිදරව් කීපයක් කළා. එනිසාම එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට යන්න වුණා.“

විජේදාසව පට්ට ගහපු අය ?

“එතුමා එළියට ගියාට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ තිබු රැස්වීමකදී එතුමාව පට්ට ගැහුවා අද ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් එතුමාට එන්න කියල ආරාධනය කරන අය.

විජේදාස රාජපක්ෂ මහත්තයා අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි ...

ඊයේ මට කටිනුයි තියෙන හැම පැත්තකින්ම හිනා ගියා විජේදාස රාජපක්ෂ මහත්තයාගේ ඉහේ ඉදල පහළට පට්ට ගහපු එවුන් දැන් කියනවා විජේදාස රාජපක්ෂ මහත්තයට අනේ එන්න කියලා.

ගම්මන්පිලලා පිනුම් පිට පිනුම් ගැහුවත් විජේදාස රාජපක්ෂ මහත්තයෝ ලණූ කන්න එපා .

යූ.එන්.පි යෙන් ඔබතුමා එළවනවානම් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ගාවට එන්න“ යැයි ද ඒ මහතා ඉල්ලා සිටියේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති විජේදාසට ශ්‍රීලනීපයට එන්නැයි ඇරයුම්.
ඇමති විජේදාසට ශ්‍රීලනීපයට එන්නැයි ඇරයුම්.
http://ift.tt/2uAoO9V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_755.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_755.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy