කෙසේ නමුත් මේ තත්වය අමානුෂික ලෙස ප්‍රයෝජනයට ගනිමින් වන සතුන් දිය සොයා එන වැව් ආශ්‍රිත කුඩා වළවල් තුළට වස දමා සතුන් මරා මස් පිණිස විකිණීම...
කෙසේ නමුත් මේ තත්වය අමානුෂික ලෙස ප්‍රයෝජනයට ගනිමින් වන සතුන් දිය සොයා එන වැව් ආශ්‍රිත කුඩා වළවල් තුළට වස දමා සතුන් මරා මස් පිණිස විකිණීමේ ජාවාරමක යම් පිරිසක් නියැළෙන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දෙති.
මේ අකාරයෙන් කුඩා දිය වළවලට වස දැමීම නිසා සූරියවැව , වැලි වැවේ , ජලය සිදී ගිය 14 වැව අසල දිය බීමට පැමිණි මුවෙකු සහ එළුවන් හත්දෙනෙකු මියගොස් තිබේ.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ හම්බන්තොට වනජීවි කාර්යාලය හා සූරියවැව පොලිසිය එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ .
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS