දුම්රිය ගේට්ටු ආරක්ෂකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද වව්නියාව බස් නැවතුම් පල ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කළ අතර කොළඹ දක්ව...
දුම්රිය ගේට්ටු ආරක්ෂකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද වව්නියාව බස් නැවතුම් පල ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කළ අතර කොළඹ දක්වා යන පාගමනේදී සෑම දිනකම උදෑසන 11 සිට සවස 4 දක්වා කාලය තුල පා ගමන සිදු වන බවට එම පිරිස් කියා සිටි අතර පාගමන ආරම්භක අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
පා ගමන ආරම්භ කරමින් ගේට්ටු ආරක්ෂකයින් වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේදී දුම්රිය හරස් මාර්ග වලදී අනතුරු 41 ක් සිදු ව ඇති බවටත් ඉන් පුද්ගලයින් 35 දෙනෙකුම මිය ගොස් ඇති බවට කියා සිටියේය.
මෙම සියලු අනතුරු අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන්හි ගේට්ටු ආරක්ෂාවක් නොමැති වීම නිසා සිදු වූ බවටත් කාලයක සිට දුම්රිය ගේට්ටු ආරක්ෂකයින් ස්ථීර කරන ලෙසට වගකිව යුතු බලධාරීන්ගෙනa ඉල්ලුවද මේ දක්වා විසඳුමක් නොමැති වීම නිසා මෙසේ පාගමනකින් කොළම දක්වා ගොස් ජනාධිපති තුමන් හමු වී විධිමත් විසඳුමක් ලබා ගැනීමට තීරණය කල බවට පාගමනේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියහ.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS