බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීමට මේ වනතුරු කටයුතු නොකිරීම නිසා මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂ...
බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීමට මේ වනතුරු කටයුතු නොකිරීම නිසා මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පැවසීය.
බරපතළ වංචා විමර්ශන කොමිසමේ සේවා කාලය ලබන මස 03 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීම සති දෙකකට පමණ පෙර දැනුම් දීම සාමාන්‍යයෙන් සිදුවන නමුත් මේ වනතුරු එවැනි දැනුම් දීමක් කර නොමැති බව එම කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ජල සම්පාදන මණ්‌ඩලය සහ ප්‍රධාන මාර්ග ඉදිකිරීම් ආදියේ සිදු වී ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතා මෙන්ම තවත් ව්‍යාපෘති රැසක සිදු වූ රුපියල් කෝටි ගණන් වංචා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විමර්ශන කරමින් සිටී.
මේ වන විට බරපතළ වංචා 38 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඊට අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බවද ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පැවසීය.
මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට අවසන් මට්‌ටමේ සිදු කෙරෙමින් තිබෙන බවත් ජනාධිපති කොමිසමේ සේවා කාලය දීර්ඝ කිරීමට කටයුතු නොකළහොත් මෙම විමර්ශන සියල්ල නවතා දැමීමට සිදුවන බවත් එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS