අත් අඩංගුවට ගත් සැකකරුවන් නීති විරෝධී ලෙස ප්‍රදේශයේ කෑළෑ හෙළිකරමින් හේන් ගොවිතැන් කරන අතරතුර මෙලෙස සතුන් දඩයම් කරන බවට හම්බන්තොට වනජීවී ක...
අත් අඩංගුවට ගත් සැකකරුවන් නීති විරෝධී ලෙස ප්‍රදේශයේ කෑළෑ හෙළිකරමින් හේන් ගොවිතැන් කරන අතරතුර මෙලෙස සතුන් දඩයම් කරන බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම අද (05) පෙරවරුවේ සිදු කර තිබේ .
මෙම සැකකරුවන් දෙදෙනා වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබෙන්නේ මළ පුඩුවකට හසුවී මියගිය මුවෙකු ගේ හම අයින් කරමින් සිටියදී ය. මේ අතර, අටවා තිබූ තවත් කම්බි මළ පුඩු රාශියක් ගළවා ඉවත් කිරීමටද තමන් කටයුතු කළ බව වනජීවී නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම එකමුතුගම හා සදුන්ගම පදිංචි වයස අවුරුදු 47, 53 ක පමණ දෙදෙනෙකු වන අතර ඔවුන් දෙදෙනා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයට පවතින නියං තත්වය නිසා ඇති වී තිබෙන ජල හිගයත් සමග වන සතුන් ජලය ඇති ස්ථාන සොයා යන අතර දඩයම්කරුවන් සතුන් ගමන් ගන්නා මාර්ගයන්හි මෙලෙස කම්බි මළපුඩු යොදා සතුන් දඩයම් කිරීම සිදු කරන බවයි, වන ජීවී නිලධාරින් පවසා සිටියේ .
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS