ලීඩර් පබ්ලිෂින් සමාගම් සමූහය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන සන්ඩේ ලීඩර් හා ඉරුදින සතිඅන්ත පුවත්පත් මේ සතියේදී මුද්‍රණය කර නැතැයි වාර්තා වේ....
ලීඩර් පබ්ලිෂින් සමාගම් සමූහය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන සන්ඩේ ලීඩර් හා ඉරුදින සතිඅන්ත පුවත්පත් මේ සතියේදී මුද්‍රණය කර නැතැයි වාර්තා වේ.
එම පුවත්පත් මුද්‍රණය සඳහා මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා අදාළ තත්ත්වය ඇතිව ඇතැයි එම පුවත්පත් ප්‍රධානියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
එම පුවත්පත් පවත්වාගෙන යාමේ උපදේශකයකු ලෙස සිටි රුවන් ගාල්ලගේ නැමැත්තා සේවක විරෝධය හේතුවෙන් පැනයාම නිසා අදාළ පුවත්පත් මුද්‍රණය කර ගැනීමට නොහැකි වූ බවද එම ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පරීක්ෂණයේදී රුවන් ගාල්ලගේ නැමැත්තා අර්ජුන ඇලෝසියස් මහතාගෙන් එම පුවත්පත්වල සේවක වැටුප් ගෙවීම පුවත්පත් මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මුදල් ඉල්ලා ඇති බවද මේවන විට හෙළිව තිබේ.
කෙසේවුවද, අවසන් කාලයේ මේ පුවත්පත පවත්වාගෙන යාමට මුදල් ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බවද එම පුවත්පත් ප්‍රධානියා මිරර් සමඟ පැවසීය.
ඔහු විසින් පසුගිය කාලයේ පුවත්පතේ සේවය කළ ප්‍රධාන සිවුදෙනෙකු හැර අනෙක් අයගේ වැටුප් ගෙවීමට ද කටයුතු කර ඇති බවද මේ අතර වාර්තා වේ.
COMMENTS