රටවල් හදන්නෙත් විනාශ කරන්නෙත් දේශපාලකයන් වන හෙයින් අපේ රට දැන් ගොඩනගා ගැනීමට මෙතෙක් පාලන බලය හෙබවූ පක්ෂ දෙකේ නියෝජිතයන් මෙන්ම ජන්දදායකයන්...
රටවල් හදන්නෙත් විනාශ කරන්නෙත් දේශපාලකයන් වන හෙයින් අපේ රට දැන් ගොඩනගා ගැනීමට මෙතෙක් පාලන බලය හෙබවූ පක්ෂ දෙකේ නියෝජිතයන් මෙන්ම ජන්දදායකයන් තීරණයක් ගතයුතුව ඇති බවයි ලාල් කාන්තා මහතා පෙන්වා දුන්නේ.
තවදුරටත් එජාප පාක්ෂිකයාත් ශ්‍රීලනිප පාක්ෂිකයාත් සිතන්නේ දැන් සිතන ආකාරයට නම් මේ රට වෙනස් කළ නොහැකි බවයි හෙතෙම සඳහන් කළේ. මෙම වෙනස වෙනුවෙන් පුරවැසියන් ගොඩනැගිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. සැබෑ පුරවැසියාට කිසිදිනෙක රටක් විනාශ කළ නොහැකි බවයි ලාල් කාන්ත මහතා පැවසුවේ. ඒ අනුව රට වෙනස් කිරීමේ වගකිමක් මේ දෙපාර්ශවය සතු වන බව ඔහු කිවේය.
මෙතෙක් රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන අතර එහෙත් ඔවුන් රට හදනවාට වඩා කර ඇත්තේ රට විනාශ කිරීම වන නිසා රට හදා ගැනීමේ අවශ්‍යතාවක් ඇත්නම් 2020 දී මෙම හුවමාරුව වෙනස් විය යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS