මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති සැක සහිත තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භ...
මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති සැක සහිත තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර විභාග දෙපාර්තමේන්තුව නිහඬව සිටීම යුක්ති සහගත නොවන අතර ඒ පිළිබඳ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවයි ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ.
මේ වන විටත් එම සිදුවීමෙන් උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට බලවත් අසාධාරණය සිදුව ඇති හෙයින් විභාග දෙපාර්තමේන්තුව වගකීම් සහගතව් ක්‍රියා කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. එක ස්ථානයකදී රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනාවරණ වී ඇති බවට මේ වන විට පවත්නා සැක සහිත තත්වය හා එක් විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර ගොන්නෙහි එක් ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් තිබීමත් යන කාරණා ඉතා තරඟකාරී විභාගයක සිදු නොවියයුතු දේවල් බව ඔහු කියා සිටියේය.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදීද අක්‍රමිකතා සිදුව ඇති බවට වාර්තා වූ අතර ඒ පිළිබඳව විභාගයට පෙනී සිටි දරුවන් මාධ්‍යයට කරුණු දක්වා ඇති හෙයින් ඒ පිළිබඳවත් විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය ඊටද සාධාරණය ඉටුකළ යුතුබව ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩි දුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS