දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරේ සහ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම්වල නිරීක්...
දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරේ සහ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම්වල නිරීක්ෂණ චාරිකාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානන්වයෙන් පසුගියදා මීරිගම ගණේගොඩ සහ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයන්හී පැවැත්විණ.
ප්‍රදේශයේ ජනතාව ඇතුළු දේශපාලන අධිකාරියේ සහායද ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති බැවින් ඉතාමත් කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීම සඳහා කටයුතු කරන ලෙස මේ අවස්ථාවේදී අමාත්‍යවරයා අදාල නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානයක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
COMMENTS