දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි
Homeගොසිප්

මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි

PropellerAds

බෙන්තොට, මිරිස්වත්ත, මහකුරුන්ද වත්ත, සුරම්‍යගම නිවාස 25ක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේදී  ඇමති සජිත් ප්‍රේමදාස මෙසේ ක...

සංචාරක සංවර්ධන අධිකාරියත් නාගරික සංවර්ධන අධිකාරියත් අතර අවබෝධතා ගිවිසුමක්.
ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්.
ඊළඟ අගවිනිසුරුකමට නම් 5ක් දැනටත් කරළියේ !

බෙන්තොට, මිරිස්වත්ත, මහකුරුන්ද වත්ත, සුරම්‍යගම නිවාස 25ක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේදී  ඇමති සජිත් ප්‍රේමදාස මෙසේ කියා තිබේ.



මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. මොකද මගේ ඉලක්කයට යනතුරු මම ටිකක් මුරණ්ඩුයි. මගේ පියා වැඩකළේ යම්කිසි ඉලක්කයක් අනුවයි. මටත් ඒ වගේ ඉලක්කයක් තිබෙනවා. මගේ ඉලක්කය මගේ පියාගේ ඉලක්කයන් පවා අභිභවා යෑමයි. මගේ නිලධාරීන් ඒ අනුව වැඩ කරන්න ඕනේ. මට ඉතා හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒත් මම නිතරම ඔවුන් අගය කරන්නේ නැහැ. ඒ කලාතුරකින් කරන ඇගයීම. මෙහිදී කරනවා. රටේ පොදු ජනතාව වෙනුවෙන් වෙන් කරන හැම තඹ සතයක්ම වැය කොට ජනතාවට අවශ්‍ය උපරිම සේවාවක් ලබා දීමට මට අවශ්‍යයි. ඒ සඳහා මේ නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කරනවා. මම හරියටම ගණන් බැලුවේ නැහැ. ඒත් මට හිතෙන විදියට අපට තව ඉතිරිව ඇති කාලය මාස තිස් අටයි. අපේ රාජ්‍ය බලය ඉවර වෙන්න කලින් අඩුම තරමින් මේ වගේ උදා කළ ආදර්ශ ගම්මාන 2,500ක්වත් හැදීම මගේ ප්‍රධාන ඉලක්කය.

අද මේ රටේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, දෙන්නම සුපිරිසුදු නායකයෝ දෙන්නෙක් බව
බය නැතිව කියන්න පුළුවන්. ඒ දෙන්නාගෙන් පස්සේ ඒ තනතුරුවලට ඒ පවුල්වලින්ම කිසිවෙක් තනතුරුවලට ගන්න මේ නායකයන් දෙන්නාටම අවශ්‍යතාවක් නැහැ. පවුල්වල අයට බෙදන්න නෙවෙයි මේ අය පත්වුණේ. මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මම කියන දේවල් ගැන ගෙදර ගිහින් හොඳට කල්පනා කර බලන්න. උණු තේ එකක් බිබී කල්පනා කරන්න. මාධ්‍යවල පළවන එක එක දේවල් ගැන හොඳින් සොයා බලන්නේ නැතිව විශ්වාස කරන්න එපා.

දැන් අලුතෙන්ම කියන කතාව තමයි අපි ගේන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තර්ජනයක් වෙනවාලු. බුද්ධාගමට කොහොම වෙතත්, බල ලෝභයෙන් වැඩ කරලා මහජන මුදල් කොල්ලකෑමට නැවතත් බලයට එන්න දඟලන අයට වගේම විධායක ජනාධිපතිකමෙන් අයුතු දේවල් කළ අයට නම් මේකෙන් තර්ජනයක් වෙයි. බුද්ධාගමට දිය යුතු සුපිරිම තැන අපේ රජයෙන් ලබා දෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඔය බුද්ධාගමට හානි වෙනවා යැයි කියා කෑගහන කට්ටිය අවුරුදු ගාණක් බලයේ හිටියත් එකම එක චෛත්‍යයක්වත් හැදුවද? මගේ තාත්තා හැම උදාගමක් සමඟම චෛත්‍යයක් බැගින් හැදුවා. බිමට වැටිලා තිබූ බුදු පිළිම කෙළින් කළා.

දැන් හැමෝම එක එක ප්‍රකාශ කරනවා. දළදා මැඳුර ඉදිරිපිට වැලි කොට්ට දාගෙන කාර් රේස් පදින එක එතකොට බුද්ධාගමට හොඳයිද? මගේ පියා හැදූ රන් වියන ඉදිරිපිට කාර් රේස් පැදීම හොඳයිද? රණවිරුවන් යොදාගෙන ඒවාට වැලි කොට්ට දමා ගෙනයි ඒ රේස් පැද්දේ. එතකොට බුද්ධාගමට නිගරු වෙන්නේ නැද්ද? අද බොරුවට කෑගහන අය එදා එක වචනයක්වත් කිව්වද? නෑ ඒකට තමයි කියන්නේ දේශපාලන නිවටකම නැතිනම් බියගුලුකම කියලා. අපි බුද්ධාගමට සුපිරිම තැන දෙන ගමන් රටේ ස්වෛරීභාවය, ඒකීය භාවය ආරක්ෂා කරනවා. ඒත් අපි දේශද්‍රෝහීන්ලු. මේ මොන විහිළු කතාද?

විපක්ෂයේ ඉන්න අය කියන විදියට ස්වාධීන මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කිරීම රටට කරන ද්‍රෝහීකමක්ලු. ස්වාධීන අල්ලස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, තොරතුරු දැනගැනීමේ පනත වැනි දේවල් ක්‍රියාත්මක කිරීම රටට කරන ද්‍රෝහීකමක්ලු. රටටත්, ජනතාවටත්, ද්‍රෝහීකම් සිදුවන්නේ කාගෙන්වත් නෙවෙයි හිටපු පාලකයන්ගෙනුයි. 2010දී ජනාධිපතිවරණයෙන් පස්සේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරල 18 වැනි සංශෝධනය ගෙනාවා. ඒකෙන් කළේ ජනාධිපතිවරයකු පත්වන වාර ගණන
ඉවත් කිරීමයි. ස්වාධීන කොමිසම් සභා ඉවත් කළා. සදාකාලිකවම අරලියගහ මන්දිරයේ නැතිනම් ජනාධිපති මන්දිරයේ සිටීමටයි එදා කල්පනා කළේ. එදා 17 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ගැන කවුරුවත් කතා කළේවත් විරුද්ධ වුණේවත් නැහැ. එදා ඒවාට නිශ්ශබ්දව හිටපු අය මේ යහපාලන ආණ්ඩුව ලබා දී ඇති නිදහස නිසා මහා ලොකු වීරයන් වෙලා. දැන් සැන්ඩෝලා වෙලා. ඊයේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රණවිරු පවුල් 3,650කට නිවාස හදා දෙන වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒක අහලා මම පුදුම වුණේ මේ තරම් රණවිරුවන් පිරිසක් මේ රටේ නිවාස නැතිව ඉන්නවද කියලා දැනගත් විටයි.

ගිනි පොලියට මුදල් ණයට අරගෙනයි. ලක්ෂ 12,000කට ඇස්තමේන්තු කරලා ඊටත් වඩා වියදම් කරලා සූරියවැව ක්‍රීඩාංගණය හදනවා වෙනුවට ගෙවල් ටිකක් හැදුවා නම් නරකද? අද මේ රටේ ලක්ෂ විසි පහකට ඉන්න හිටින්න ගෙවල් නැහැ. වරායවල් හදන එක නරකයි කියා මම කියන්නේ නැහැ. ඊට කලින් මිනිස්සු ජීවත් කරවන්න ඕනෑ. අද හුඟදෙනෙක් ඉන්නේ කුලී ගෙවල්වලයි. මහගෙවල්වලයි. බද්දට ගත් ගෙවල්වලයි. නැතිනම් මහ පාරේයි. එදා ආශ්චර්යවත් යුගයේත් මිනිස්සු මහපාරේ ජීවත් වුණා.

අද මේ රටේ මොන තරම් නිදහසක් තිබෙනවාද? වැඩ වර්ජන මොන තරම් තිබෙනවාද? උද්ඝෝෂණ හා විරෝධතා මොන තරම් තිබෙනවාද? අද තිබෙන්න් පණ නැති ආණ්ඩුවක්ලු. රතුපස්වල වතුර ඉල්ලන කොට වෙඩි වරුසාවල් තියන එකද ප්‍රාණවත් බව කියන්නේ. නැත්නම් ධීවරයන් පාරට එනකොට වෙඩි තියන එකද ප්‍රාණවත් බව කියන්නේ? වෙඩි තිබ්බා විතරක් නෙවෙයි එදා වෙඩි තියපු අය පිටරටවල මහ කොමසාරිස් තනතුරුවලටත් පත් කළා. ටී පනස් හයෙන් වෙඩි තියන එකද මේ අය ප්‍රාණවත් බව කියන්නේ? අර්ථකථන වැරැදි විදියට යොදා ගන්න එපා. සමහරු කියනවා අද මේ රටේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලත් කියන්න බැරිලු. මම දැන් කීප වතාවක්ම කිව්වා මේ ආණ්ඩුව වැඩ කරලා නැතැයි කියනවා නම් කරපු වැඩ පෙන්වන්න මගෙත් එක්ක එන්නයි කියා. මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඒ අයට රෙද්දක් ඇඳගෙන එන්න බැහැ

බෙන්තොට - ඇම්. මීගහපොළ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි
මගෙත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි
http://ift.tt/2uyenTt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_681.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_681.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy