නොහෙලා හෙලන තත්පරෙන් පංගුවක අසණි සැරයක බැල්ම වේගය = දුර ÷ කාලය මඳක් නැවතී බලනු හැකි නම් කඳුලක් නැගෙන කාලය ඔබ (නො)දැන උන්නාට ඇසිපිය ...
නොහෙලා හෙලන තත්පරෙන් පංගුවක
අසණි සැරයක බැල්ම
වේගය = දුර ÷ කාලය
මඳක් නැවතී බලනු හැකි නම්
කඳුලක් නැගෙන කාලය
ඔබ (නො)දැන උන්නාට
ඇසිපිය ගසන වේගයට සමානය….
දිගු සුසුම් වැලක පැටලී
කෙටි අඩි තබා යන මාර්ගය කෙලවර
හිටිවනම නැවතී ‘සමු ගනිමි’ පැවසීම,
ප්‍රවේගය බිඳී යාමකි
ආවේගයෙන් නොවේ
සංවේගයෙන් ලියා දන්වමි….
මහා පුරුෂයෙකුට බිරිඳක්ව ජීවිතය කරදරයක්’ය
කියා නික්මෙන මොහොතක
‘යුරේකා…මම සොයා ගත්තෙමි’
අවුළුවා ලූ පසුව ඒ අග්නි ජාලාව
නියතයෙන් දැවීම නියමයකි….
සදාකාලික සතුට…!
සදාදරණීය නිව්ටන්….!
COMMENTS