සේසත් නිෂ්පාදනය කිරීමේ එකම පාරම්පරික ගම්මානය යටවත්ත, උණවේරුව ගම්මානය වන අතර මේ වන විට එහි පවුල් හැත්තෑපහක් පමණ සේසත් නිපදවීමේ කර්මාන්තයේ ...
සේසත් නිෂ්පාදනය කිරීමේ එකම පාරම්පරික ගම්මානය යටවත්ත, උණවේරුව ගම්මානය වන අතර මේ වන විට එහි පවුල් හැත්තෑපහක් පමණ සේසත් නිපදවීමේ කර්මාන්තයේ නිරත වෙති.
මහනුවර ඇසළ පෙරහැර සදහා සේසත් සැපයීමේ කාර්යය සිදු කරනුයේ ද මෙම ගම්වාසීන්ය.
කැට මිනිරන්, පැන්සල් මිනිරන් ආදී වශයෙන් මිනිරන් වර්ග කිහිපයක් ඇතත් සේසත් නිෂ්පාදනය සදහා යොදා ගන්නේ තලාතු මිනිරන්ය. එම මිනිරන් පතුරු වශයෙන් ගලවා ගත හැකියි. සේසත් අලංකාර කිරීම හා එහි දීප්තිය වර්ධනය කර ගැනීම සදහා තලාතු මිනිරන් යොදා ගනියි.
මෙතෙක් කල් මෙම සේසත් නිශ්පාදකයින් මිනිරන් ලබාගෙන ඇත්තේ ඇලහැර තලාගොඩ ප්‍රදේශයෙනි. නමුත් එම මිනිරන් පතල මොරගහකන්ද ජලාශයට යට වී ඇත.
පාරම්පරික සේසත් නිෂ්පාදකයෙකු වන කේ.ජී.සිරිපාල (58) මහතා
‘ඇලහැර පතල ජලයෙන් යටවීම නිසා අපිට මිනිරන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වුණා. පතල් කැණීම, මිනිරන් ප්‍රවාහනය මේ වන විට රජයෙන් තහනම් කර තිබෙනවා. මේ නිසා අපට මිනිරන් ලබා ගන්න ක්‍රමයක් නැහැ. වව්නියාව හා බදුල්ල යන ප්‍රදේශවල අපට අවශ්‍ය තලාතු මිනිරන් තිබෙනවා. නමුත් ඒ මිනිරන් ප්‍රවාහනය කිරීමට අපට අවසර ලැබෙන්නේ නැහැ.
දැනටමත් අප සතුව තිබෙන්නේ ඉතාම සුළු මිනිරන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අවසන් වූ විට අපට මේ කර්මාන්තය කරන්න වෙන්නේ නැහැ. ජාතික ශිල්ප සභාව, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයට අප මේ පිළිබදව දැනුම්දී තිබෙනවා. අපේ ගැටලුව ඔවුන් හොදින් දන්නවා. නමුත් අපට මිනිරන් ලබාදීමට ක්‍රමයක් බලධාරීන්ගෙන් ලැබෙන්නේ නැහැ. මිනිරන් හිගය නිසා ඇතැම් විට අපට මිනිරන් අධික මිලකට මිලදී ගැනිමට සිදුවෙනවා. රුපියල් 150කට පමණ මිනිරන් කිලෝවක් ලබා ගත හැකි වුවත් හිගය නිසා අපිට එය මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 250ත් 300ත් අතර මිලකටයි'
'මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ ගමන් කරන සේසත් අප නිෂ්පාදනය කළ නිර්මාණයි. නමුත් මේ අයුරින් මිනිරන් ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වුණොත් අපට ඉදිරියේදී මේ කර්මාන්තයෙන් ඉවත්වීමට සිදුවෙනවා' යනුවෙන් කේ.ජී.සිරිපාල (58) මහතා ප්‍රකාශ කළේය.
අපි මේ කර්මාන්තය කරන්නේ පරම්පරාවෙන්. අතීතයේදී අපට විශාල ඉල්ලුමක් මෙන්ම ඊට සුදුසු ලෙස සැපයීමක් කළ හැකිවුණා. නමුත් දැන් ඉල්ලුමට සරිලන සේසත් සැපයීමක් අපට කළ නොහැකියි. මිනිරන් නොමැති නිසා අපට සේසත් නිෂ්පාදනයෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි ඉන්ද්‍රා අයිරාංගනී (38) මහත්මිය සදහන් කළාය.
මිනිරන් නොමැතිව මේ කර්මාන්තය කරන්න අපහසුයි. වෙනත් අමු ද්‍රව්‍යවල ගැටලුවක් නැහැ. තල ගොබ, සායම්, ලාක්ෂා මිට ආදිය අපට සපයා ගත හැකියි. සේසත් සදහා ලක්ෂා මිට ලබා ගන්නේ හපුවිද ගම්මානයෙන්. ඒ සදහා අපට කිසිදු ගැටලුවක් නැතත් මිනිරන් ලබා ගැනිමට ක්‍රමයක් නොමැතිවීම විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි දේවිකා දමයන්ති (40) මහත්මිය ප්‍රකාශ කළාය.
දෙමාපියන්ට ලැබෙන මිනිරන් වලින් තමයි අපි සේසත් නිෂ්පාදනය කරන්නේ. ලෝකයටම සේසත් යන නාමය තිළිණ කළ ගම්මානය වශයෙන් උණවේරුව ගම හැදින්විය හැකියි. නමුත් මේ වන විට උණවේරුවෙන් සේසත් ඉවත්විමේ අවදානමක් තිබෙනවා' යැයි කේ.ජී.රසිකා ප්‍රියංගනී (31) මහත්මිය සදහන් කළාය.
පාරම්පරික සේසත් නිෂ්පාදිකාවක වන කරුණාදායා බැද්දගේ (66) මහත්මිය අදහස් දක්වමින්, අපි මේ කර්මාන්තය කරන්නේ ඒ වෙනුවෙන් පේ වෙලා. මස් මාලු නොකා සුදුසු ඇදුමකින් සැරසී දෙවියන් ඉදිරියේ සිටිනවා වැනි ගෞරවයකින් තමයි සේසත් නිෂ්පාදනය කරන්නේ. කොළයක් වත් පෑගීමට අප ඉඩ තබන්නේ නැහැ. එවැනි ගෞරවනීය පාරම්පරික වෘත්තීයක් මේ වන විට වැසී යාමේ අවදානමක් තිබෙනවා' පැවසීය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=rGgTm7pGz3A&feature=youtu.be[/youtube]
COMMENTS