දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කලිසම් ගැලවීම ගැන තිලංග සමාව ඉල්ලයි.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කළ කම්කරුව...


සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කළ කම්කරුවන්ගේ වැටුප් ලබාදීමට පෙර, ඔවුන් ඇඳ සිටි කළිසම (බොටම) ගලවා ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (12දා) පැවති මාධ්‍ය සාකච්චාවේදී සිදුකළේය.

මෙහිදී සුමතිපාල මහතා අනාවරණය කර සිටියේ, සිදුවූ දේ ගැන කණගාටුවෙන් මම සමාව ඉල්ලන බවත්, සිදුවූයේ ඉතාම පහත් වැඩක් බවයි. වැටුප් ලබැගැනීමට වඩා මෙහි සේවකයන් පැමිණෙන්නේ, ක්‍රිකට්වලට ආදරේ නිසා, තරග බලන ගමන් සේවාවක් විදියට වැඩි කිරීමට බව පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා,

"මම කණගාටුවෙන් සමාව ඉල්ලනවා. ඒක ගැන මම දැනගෙන හිටියේ නැහැ. ඉතාම පහත් වැඩක් ඒක. ඒ අය එන්නෙ ක්‍රිකට්වලට ආදරේට. මැච් එක බලන ගමන් සේවාවක් විදියටයි ඔවුන් වැඩ කරන්නේ. පොඩි වැස්සක් ආවත් ඔවුන් විනාඩි ගානෙන් ක්‍රීඩාංගණය වහනවා. නැවත ඉක්මනටම ඒවා ඉවත් කරනවා. ඒ අය අපේ සගයන්. මේ වහල් යුගයක් නෙමෙයි. ඒ මිනිස්සුන්ට දුන් ඇදුම්ටික ඉල්ලන්න ඔවුන් අපේ වහල්ලු නෙමෙයි. පාලක මණ්ඩලයෙන් සියලු දිස්ත්‍රික් හා පළාත් සංගම්වලට ඇදුම් යවලා තියෙනවා. අපි ඇදුම් නැවත ඉල්ලලා නැහැ" යැයි පවසා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විදායක නිළධාරි ජෙරම් ජයරත්න මහතා පවසා සිටියේ, සිදුවූ දේ නිර්ණය කිරීම සඳහා පරීක්‍ෂණයක් පවත්වන බවයි. 

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැති කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ සේවය සඳහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බඳවාගෙන තිබෙන අතර, ඔවුන් සඳහා රුපියල් 1000ක දෛනික දීමනාවක් ලබාදී තිබේ. එම බඳවා ගත් පිරිසගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වූයේ ක්‍රීඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සමග පැවැති තරගාවලිය පෙරේදා (10දා) දින නිමාවීමෙන් පසු, එහි සේවය කළ කම්කරුවන් තමන්ගේ දෛනික වැටුප් ලබාගැනීමට ගිය අවස්ථාවේ, එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ වැටුප් ලබාගැනීමට පෙර ක්‍රිකට් ලාංඡනය සහිත ඇඳ සිටින කලිසම (බොටම) නැවත ලබාදෙන ලෙසයි.

හදිසියේ වූ මෙම තත්ත්වයත් සමගින් එහි සේවය කළ කම්කරුවන් දැඩි අසරණ තත්ත්වයකට හා අපහසුතාවකට පත්වූයේ ඇඳ සිටි කලිසම ගලවා දීමෙන් පසු, ඔවුනට ඇඳගෙන යෑමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි.

කෙසේ වෙතත් වැටුප් ලබාගැනීමට අවශ්‍ය නිසා එම සේවකයන් ඇඳ සිටි කලිසම් ගලවාදී අදුරු වැටීමෙන් පසු යට ඇඳුම පිටින් තමන් ඇඳ සිටි ටී ෂර්ට් ඇඳගෙන නිවෙස් වෙත ගියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28625,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලිසම් ගැලවීම ගැන තිලංග සමාව ඉල්ලයි.
කලිසම් ගැලවීම ගැන තිලංග සමාව ඉල්ලයි.
http://ift.tt/2uQtF3u
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_391.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_391.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy