උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කමිටු සා...
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම අනු කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ (18) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට බාර දුන් බව ඒ මහතා සඳහන් කළේය.
උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී උද්ගතව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා හා පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනු කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.
උමා ඔය ව්‍යාපෘතියේ මේ වන විට පවතින ජල කාන්දුව හේතුවෙන් උද්ගතව පවතින ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබේ.
ඒ අනුව පානීය ජලය බෙදාහැරී, ඉරි තලා පුපුරා ගොස් ඇති නිවාස,විහාරස්ථාන, පාසල් ඇතුළු ස්ථාන පිළිබඳ තොරතුරු, වන්දි ලබා දීම, නැවත පදිංචි කිරීම් සඳහා ක්‍රේග් වත්ත ඉඩමෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් රජයට පවරා ගැනිම ආදී කරුණුවලට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
COMMENTS