යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු තිසුරි යුවනිකාගෙයි නිනෝගෙයි ආදර කතාවක් මැදට තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු ගිහාන් ප්‍රනාන්දු ඇවිත් ...
නිනෝ නැවතිලා ඉන්නේ තිසුරිලාගේ ගෙදර. දෙන්නා අතරේ පුංචි ආදර සම්බන්ධයක් තිබුණා වගේම තිසුරිගේ අම්මත් මේ ගැන පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන හිටියා. කටින් ඒ ගැන කීවේ නැති වුණාට අම්මත් කරන සමහර වැඩවලින් ඒ බව හොඳටම තේරුණා.
ඔය අතරේ තමයි තිසුරි කසාද බඳින්න කැමතියි කියලා ගිහාන් ප්‍රනාන්දු තිසුරිගේ අම්ම හම්බවෙන්න එන්නේ. ගිහාන් වලව් කාරයෙක්. යහමින් සල්ලි තියෙනවා. හැබැයි මේ වැඩේට තිසුරි නම් කැමතිවෙලා තිබුණේ නෑ. හැබැයි අම්මා නම් එක පයින් මේ වැඩේට කැමතියි. මොකද ගිහාන්ටම කියලා ගෙයක් එහෙමු තියෙනවනේ.
නිනෝටම කියලා ගෙයක් හදාගෙන තිබ්බානම් අම්මට දෙන්නාගේ ආදරේ ගැන කියලා එක ගෙයක් යටට තිසුරිටත් ඕනිකම තිබ්බා. ඔය අතරේ තමයි තිසුරි දැක්කේ පත්තරේක තිබ්බ ගෙයක් හදාගන්න හීනේ හැබෑ කරගන්න පුලුවන් ඇඩ් එක.
ඔය පත්තර කෑල්ල අරගෙන ගියපු නිනෝ නතර වුනේ තිසුරිගේ අම්මගෙත් හිත දිනාගන්න පුලුවන් වුණු ලස්සන ගෙදරක හීනේ හැබෑ කරගෙන. එදා තිසුරි පත්තරේ තියනවා දැකලා දුන්නේ සෙලාන් බැංකුවෙන් දෙන සිරිනිවස නිවාස ණය ක්‍රමය ගැන තිබ්බ ඇඩ් එකක්. මේ සිද්ධියත් එක්ක ගොඩ දෙනෙක් තිසුරි, නිනෝ, ගිහාන් ඉන්න වීඩියෝවල අඟ මුල හොයන්න ගත්තා. අපිට දැනගන්න ලැබුණු විදියට ඔන්න ඕක තමයි ඇත්තකතාව.
COMMENTS