දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවි කරුණානායක ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි.

බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු අනුව රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියයි. ව...


බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු අනුව රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ කරුණානායක මහතා ඇමැති පදවියෙන් ඉවත් වෙනවා පමණක් නොව පුළුවන් නම් රටිනුත් පිටවිය යුතු බවයි.

ඒ මහතා මෙසේද කීවේය.

"ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දවල් සිදු කරන ලද මහා හොරකම සම්බන්ධයෙන් මහ බැංකුව ඇතුළට ගිහින් ප්‍රථමයෙන්ම ප්‍රශ්න කළේ මා බව කිව යුතුයි.

විවිධ අපහාස උපහාස මැද මා පැහැදිලිව කිව්වේ මහ බැංකු හොරකම රකින්නේ රවි කරුණානායක බවයි. එහෙත් දිගටම ඔහු පාර්ලිමේන්තුව හා ඉන් පිටතදීත් හොරකම සාධාරණීයකරණය කිරීමට කළ හැකි හැම දෙයක්ම කළා.

මුදල් ඇමැතිවරයා විසින් රජයට සල්ලි අවශ්‍ය බවට දින රහිත ලිපියකින් මහ බැංකුවට දැනුම් දුන් ලිපියක් බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඒවා කවදාවත් මුදල් ඇමැතිවරයකු කරන ලද දේවල් නොවේ.

රවි කරුණානායක හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ පැහැදිලි සම්බන්ධතාව හෙළි කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා. රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස ඒකකයක් (එපාට්මන්ට්) කල් බදු ක්‍රමයට ලබා දුන් බව මීට කලින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. ඒ හැම අවස්ථාවකම රවි කරුණානායක කීවේ ඔහු හැර අනෙක් ඔක්කොම හොරු බවයි. රජයේ සේවකයන්, පෞද්ගලික අංශය ඇතුළු රටේ හැම දෙනාම හොරු බවත් තමා අවංක බවත් හැම අවස්ථාවකම ප්‍රකාශ කරමින් තමා අවංක බව පෙන්වීමට කතා කළා.

විදේශ විනිමය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවක් අවුරුදු ගණනාවක් විභාග කර අධි චෝදනා පත්‍රයේ පැවැති දෝෂයක් නිසා විනිසුරුතුමිය විසින් නඩු තීන්දුව ලබාදී නිදහස් කළා. නඩු තීන්දුව ලබාදුන් විනිසුරුතුමිය විශ්‍රාම ගියා.

එම නඩුවට පාදක වූ ඩොලර් මිලියන තුන තිබෙන්නේ කොහේද කියා කවුරුත් දන්නේ නැහැ.

මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනපති හා අගමැති යන දෙදෙනා මේ අමාත්‍යවරයා ගැන තීරණයක් ගත යුතුයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මොහු සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙනවා. බැඳුම්කර කොමිසමේදීත් චෝදනා කරුණු ඉදිරිපත් වෙනවා.
හැම විටම තමා අති පාරිශුද්ධ බව එතුමා කියනවා. දැන් බැඳුම්කර කොමිසමේ අනාවරණය වන කරුණු අනුව වහාම ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි.

විභාග ප්‍රශ්න පත්‍රයක වරදක් සිදුවූ විටෙක එදා ඔහු ඇතුළු එ.ජා.ප. විපක්ෂය කීවේ කුමක්ද? අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. එහෙම බලන විට අපට දැන් කියන්න තියෙන්නේ වන්දි ගෙවලා හෝ ඉවත් වෙන්න කියන එකයි.

බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ගහන පත්තරේට ලොතරැයි මණ්ඩලයෙන් දැන්වීම් දෙනවා. ඒ හැම දෙයක්ම කර ගන්නේ තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්නයි.

මේ තත්ත්වය යටතේ යහපාලන ආණ්ඩුවේ මේ ඇමැතිවරයා තව දුරටත් තබා ගන්නවාද නැද්ද කියා ජනාධිපති හා අගමැති රටට උත්තර දිය යුතු වෙනවා.

දැන් අපිට කියන්න ඇත්තේ එක දෙයයි. ඇමැතිකමෙන් ඉවත් වෙනවා පමණක් නොව පුළුවන් නම් රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවි කරුණානායක ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි.
රවි කරුණානායක ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි.
http://ift.tt/2vDV5Kj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_159.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_159.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy