නොමිලේ පැවැත්වෙන මෙම වැඩමුළු සඳහා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් විද්‍යුත් හෝ මුද්‍රිත ඕනෑම මාධ්‍යයක් ඔස්සේ ජනමාධ්‍යකරණයෙහි යෙදෙන සහ විශේ...
නොමිලේ පැවැත්වෙන මෙම වැඩමුළු සඳහා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් විද්‍යුත් හෝ මුද්‍රිත ඕනෑම මාධ්‍යයක් ඔස්සේ ජනමාධ්‍යකරණයෙහි යෙදෙන සහ විශේෂයෙන් ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය සඳහා උනන්දුවක් දක්වන අයට ඉල්ලුම් කළ හැකි ය. සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම වැඩමුළු පැවැත් වේ. වැඩමුළුව සාර්ථකව නිම කරන්නන්ට වැඩමුළුවෙන් පසුව ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබ ඇති අතර, හොඳම වාර්තාකරණයන්ට සම්මාන සහ සහතික පත් ලබා දීමට ද කටයුතු යොදා ඇත.
නම, ලිපිනය, දුරකථන, ඊමේල්, වැඩමුළුවට සහභාගී වීමට කැමති ප්‍රදේශය සහ ඔබ විසින් කරනු ලබන ජනමාධ්‍යකරණ කටයුතු පිළිබඳ විස්තරයක් සහිතව ඔබගේ අයදුම්පත් පහත ලිපිනයට තැපැල් මඟනි් හෝ ඊමේල් මඟන් 2017 ජූලි 20 දිනට ප්‍රථම යොමු කරන්න.
කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, 96, කිරුළ පාර, කොළඹ 05 / පෙපිරසක්බන්?ටප්සකගජදප
වැඩි විස්තර සඳහා කාර්යාලය අමතන්න 0112-368895
COMMENTS